December, 2, 2024
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) මගින් පවත්වනු ලැබූ Ramp Up 24 උත්සවයේ නිල බැංකු සහකරු ලෙස පසුගියදා අත්වැල් බැඳගත්තේය.
කොළඹ හිල්ටන් හිදී පැවති මෙම උත්සවය කාන්තා ව්‍යවසායිකාවන්ට ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කිරීමට සහ ඔවුන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපල සඳහා ඉදිරිපත් කිරීමට උපකාර කිරීමේ වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. Ramp Up 24 කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන සහ හිමිකාරීත්වය දරන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය (MSME) පරිමාණයේ ව්‍යාපාර සඳහා සහාය ලබා දීම සහ ශක්තිමත් කිරීම සඳහා නිර්මාණය කරන ලද අතර නැගී එන කාන්තා ව්‍යවසායකයින් විසින් නිර්මාණය කරන ලද නිෂ්පාදන මෙහි ප්‍රදර්ශනය කෙරේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB SME නිෂ්පාදන සහ හවුල්කාරිත්ව ප්‍රධානී එන්. කේතිස්වරන් මහතා පැවසුවේ “Ramp Up 24 සඳහා WCIC සමඟ අප ඇති කරගත් හවුල්කාරිත්වය කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමට සහ තිරසාර ව්‍යාපාර ගොඩනැගීම සඳහා ඔවුන්ට සහාය වීමට HNB හි කැපවීම පෙන්නුම් කරනවා. ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් සපයමින්, අපි ආර්ථික සවිබල ගැන්වීමට සහ අපනයන වෙළෙඳපොළ වර්ධනයට ද දායක වනවා,” යනුවෙනි.
ප්‍රවීණ නිර්මාණකරුවන් සහ නැගී එන ව්‍යවසායකයින් එකට එක් කෙරුණු මෙම උත්සවයේදී නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සහ වර්ණ තේරීම් වැනි අංග වැඩි දියුණු කිරීමට ඔවුන් එක්ව කටයුතු කරනු ඇත. මීට අමතරව මෙම උත්සවයෙන් ලැබෙන ආදායම කාන්තා ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති විශේෂ ව්‍යවසායක අරමුදලට සහ WCIC ඇකඩමිය සඳහා යොදා ගනු ඇත.
“Ramp Up 24 යනු කාන්තා ව්‍යවසායකයින්ට ප්‍රධාන පෙළේ විලාසිතා කර්මාන්තයට පිවිසීමට හැකි වැදගත් අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි. මෙම මුලපිරීම ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට පමණක් නොව තිරසාර වර්ධනයක් සහ අපනයන අවස්ථා සඳහා මාර්ග ද නිර්මාණය කරනවා. මෙම දැක්ම යථාර්ථයක් කර ගැනීම සඳහා HNB හි සහයෝගය ඉතා වැදගත් වනවා.” යනුවෙන් WCIC Ramp Up සංවිධායක කමිටුවේ සම සභාපති අශාන්ති ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
Video Story