October, 3, 2025
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පසුගියදා සිය නවතම ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් - යහපත් හෙටකට’ (HNBGI Better Tomorrow) වැඩසටහන දියත් කරමින්, ඒ යටතේ පළමු ව්‍යාපෘතිය වශයෙන් සිය ප්‍රධාන කාර්යාලය පිහිටි කොළඹ 02, නවම් මාවත ප්‍රදේශයේ අතුරු මාවතක් පිළිසකර කිරීමට කටයුතු කළේය.
නවම් මාවත ප්‍රදේශයේ සිට කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය සහ අවට කාර්යාල රැසක් වෙත ගමන් කිරීම සඳහා දෛනිකව සිය ගණනක් ජනතාව විසින් භාවිතා කරනු ලබන මෙම අතුරු මාවත කාලයක් පුරා කැළිකසළ වලින් පිරී ගොස්, දුර්ගන්ධනය හමන, ඉතා අප්‍රසන්න තත්ත්වයක පැවතිණි. මෙම ව්‍යාපෘතිය යටතේ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් කාර්යමණ්ඩලය විසින් එම මාවත සම්පූර්ණයෙන්ම පිරිසිදු කර, පිළිසකර කරන ලද අතර ඊට අමතරව පොදු ජනතාව වෙනුවෙන් ඉදිරියටත් එය නඩත්තු කර, පවත්වා ගෙන යාමේ වගකීමද සමාගම විසින්ම භාර ගැනීමද විශේෂත්වයකි.
‘HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් - යහපත් හෙටකට’ ප්‍රජා සත්කාර වැඩසටහන තිරසාරත්වය, පාරිසරික වගකීම සහ සවිමත් ප්‍රජා සබඳතාවයන් වර්ධනය කිරීම වැනි දීර්ඝ කාලීන ඉලක්කයන් ඇතිව දියත් කරන ලද වැඩසටහනකි. මෙම ව්‍යපෘතිය සඳහා සිය ශ්‍රමය සහ කාලය වැය කරමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සේවක පිරිස ඉටු කළ කාර්යභාරය ප්‍රශංසනීය වන අතර එය සමාගමට දෙආකාරයකින් වැදගත් වන බව පැවසිය හැකිය. ඒ එක් අතකට ‘HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් - යහපත් හෙටකට’ වැඩසටහන හරහා සමාගම විසින් අත්පත් කරගැනීමට අපේක්ෂා කරන පාරිසරික, තිරසාර සහ යහ පාලන ඉලක්කයන් සපුරා ගන්නා අතරම අනෙක් අතට සිය සේවක පිරිසට HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ආයතන සංස්කෘතියේ කොටස්කරුවන් වීම ගැන සාඩම්බරයක් දනවන අත්දැකීමක් ලබාදීමටද හැකි වූ හෙයිනි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා මෙසේ පැවසීය ‘HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් - යහපත් හෙටකට’ වැඩසටහන හුදෙක්ම පිරිසිදු කිරීමේ ව්‍යාපෘති සම්බන්ධ වැඩසටහනක් නොවෙන බව මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මේ වැඩසටහන දියත් කිරීමේදී අපේ මූලික අරමුණ වූයේ පරිසරයත් ප්රජාවත් යන දෙකම වෙනුවෙන් දීර්ඝ කාලීන තිරසාර වැඩසටහනක් නිර්මාණය කිරීමයි. අපේ පළමු ව්‍යාපෘතිය අපේම කාර්යමණ්ඩලයේ දායකත්වයෙන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ ආකාරයටම ඉදිරියේදීත් සෑම දෙනාටම වඩා යහපත් හෙට දිනක් ලබා දීම වෙනුවෙන් තවත් ව්‍යාපෘති ගණනාවක් ‘HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් - යහපත් හෙටකට’ වැඩසටහන යටතේ දියත් වෙනු ඇති”.
“නවම් මාවත ප්‍රදේශයේ බොහෝ දෙනෙක්ට ඉතා වැදගත් අතුරු මාවතක් පිළිසකර කර, යථා තත්ත්වයට පත් කළ ‘HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් - යහපත් හෙටකට’ වැඩසටහනේ පළමු ව්‍යාපෘතිය, මේ වැඩසටහන යටතේ අප විසින් සිදු කිරීමට නියමිත තිරසාර ප්‍රජා සත්කාරයන්ට හොඳ උදාහරණයක් සපයනවා. සමස්තයක් වශයෙන් ගත්කළ ‘HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් - යහපත් හෙටකට’ වැඩසටහන තුළින් පෙන්නුම් කෙරෙන්නේ තිරසාරත්වය මුල් කරගත්, පිරිසිදු, හරිත පරිසරයක් නිර්මාණය කිරීමට මෙන්ම ප්‍රජාව සමඟ ශක්තිමත් සබඳතාවයක් පවත්වා ගැනීම වෙනුවෙන් වන අපේ කැපවීමයි” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන පරිවර්තන නිලධාරී ඩිල්ශාන් පෙරේරා මහතා පැවසීය.
‘HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් - යහපත් හෙටකට’ වැඩසටහන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් හි සන්නාම පොරොන්දුවේ හරය වන ‘විශ්වාසනීය රක්ෂණ සහකරු’ යන අදහස තවදුරටත් ශක්තිමත් කරන්නකි. එහි පළමු ව්‍යාපෘතිය හරහා පිළිසකර කෙරුණු අතුරු මාවත දැන් ඉතා පිරිසිදු, ආරක්ෂිත සහ ප්‍රසන්න මාවතක් බවට පත්ව ඇති අතර මේ ආකාරයේ වැඩසටහන් හරහා ප්‍රජාවන්ට සහ පරිසරයට කල් පවතින ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි ආකාරයට මනා උදාහරණ සපයයි.