October, 21, 2016
හැටන් නැෂනල් බැංකුව විසින් පුද්ගලික නිකුතුවක් හරහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙත කොටස් නිකුතුවක් සිදුකිරීමට ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා 2016 ඔක්තෝබර් 26 වන දිනට කැඳවා ඇති අති විශේෂ මහා සභා රැස්වීම වළක්වාලමින්, එහි කොටස්කරුවකු විසින් වාරණ නියෝගයක් ලබා ඇති බවට අද දින පුවත්පත් විසින් වාර්තා කොට තිබිණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හැටන් නැෂනල් බැංකුවේ සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළඳපොළ වෙත දැනුම් දී සිටින්නේ එවැනි අධිකරණ නියෝගයක් බැංකුව වෙත මේ දක්වා ලැබී නොමැති බවයි.