June, 19, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි තිරසාර හා හරිත මූල්‍යකරණ (Sustainable & Green Financing) සංකල්පය යටතේ සණස සමිතියේ සාමාජිකයින් සඳහා ගෘහස්ත සූර්ය බලශක්ති කට්ටල මිලදී ගැනීමට මූල්‍ය පහසුකම් සලසා දී ඇත. HNB FINANCE සමාගම මෙම වැඩ පිළිවෙල පළමු වරට අතුරුගිරිය සණස සමිතිය තුළින් ක්‍රියාවට නංවා ඇති අතර මෙම ගෘහස්ත සූර්ය බලශක්ති උපාංග සහ එහි සවිකිරීමේ කටයුතු සඳහා රුපියල් මිලියන 33ක් අතුරුගිරිය සණස සමිතිය වෙත ලබා දී ඇත. ඒ අනුව මේ වනවිට HNB Finance මූල්‍ය සහයෝගීතාවය සහ සණස අරමුදල් හරහා කි.වො. 06 ක ධාරිතාවෙන් යුත් සූර්ය බලශක්ති පද්ධති 65 ස්ථාපනය කර ඇත. මෙම වසර අවසන් වනවිට එම ප්‍රමාණය ඒකක 100 දක්වා වර්ධනය කරගැනීම සමිතියේ අපේක්ෂාවයි
මේ පිළිබඳව අදහස් දක්වන HNB FINANCE PLC හි කළමණාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “ මූල්‍ය සේවා සැපයීමේදී එම මූල්‍ය පහසුකම් ලබා දෙන ව්‍යාපෘතීන් වල ස්වභාවය එය සමාජය කෙරෙහි ඇති කරන බලපෑම පිලිබඳව නිරන්තර ඇගයීමක් අපට තිබෙන අතර පරිසර හිතකාමී ව්‍යාපාර සහ වාණිජ ව්‍යාපෘතීන් සඳහා මූල්‍ය පහසුකම් සැපයීම මෙහි අනිවාර්ය අංගයක් ලෙස අප සලකනවා. මේ කටයුත්ත වඩාත් විස්තීරණ හා ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යෑම සඳහා Sustainable Financing වැඩසටහනක් ලෙස මෙය දියත් කරන්නට අපට හැකි වුණා. මෙලෙස ආරම්භ කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය අපගේ සේවා ප්‍රමුඛතාවන්ගේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන අතර තවත් බොහෝ මූල්‍ය ආයතන තිරසාර මූල්‍ය පහසුකම් වෙත නැඹූරු කරවීමේ පියවරක් ලෙසද සඳහන් කරන්න කැමතියි” යනුවෙන් පැවසීය.
Video Story