Huawei අනුරපුරයට එයි

    October, 6, 2016

    ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නිෂ්පාදන හා සේවා පාරිභෝගිකයා වෙත වඩා සමීප කිරීම සඳහා අනුරාධපුර නගරයේ ප්‍රාදේශිය කාර්යාලයක් විවෘත කරයි.

    පාරිභෝගික පහසුව පිළිබඳව නිරතුරුව උනන්දු වන සමාගමක් වශයෙන් සිය නිෂ්පාදන සහ සේවා පාරිභෝගිකයාට වඩා සමීප කරවීමට Huawei විසින් මෙම පියවර ගෙන තිබේ. මෙම ප්‍රාදේශීය කාර්යාලය මඟින් අනුරාධපුර ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට වඩා පුළුල් සේවාවක් ඉටු කිරීමට හැකියාව ලැබේ.

    2016 වසරේ අවසානයට පෙර පසුගිය වසරේදී මෙන්ම පුළුල් වර්ධනයක් Huawei අපේක්ෂා කරයි. GFK Q3 2016 වාර්තා වලට අනුව මෙරට ස්මාර්ට්ෆෝන් වෙලඳ පළේ 24.4% ක වෙළඳ පළ කොටසක් හිමි කර ගැනීමට Huawei සමත්ව සිටියි. මෙරට අංක දෙකේ ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමය වන Huawei වෙළඳ නාමයක් ලෙස තවදුරටත් පෙරමුණට යාමේ ගමන වේගවත් කර තිබේ. 2016 Brand Finance ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලොව වටිනාතම වෙළඳ නාම 100 අතරින් 47 වන ස්ථානය Huawei විසින් හිමි කරගෙන සිටියි.