Huawei හා ඩයලොග් සහයෝගීතාවකට එළැඹෙයි

    July, 12, 2016

    ප්‍රමුඛතම Huawei P9 දැන් තෝරාගත් ඩයලොග් සේවා මධ්‍යස්ථානවල

    ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා, මෙරට වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei හා එක්ව නවතම Huawei P9 ස්මාර්ට්ෆෝනය ඩයලොග් මධ්‍යස්ථාන ජාලය ඔස්සේ අලෙවි කිරීමට සූදානම් වෙයි. Huawei ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වැන්ග්, Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු සහ ඩයලොග් ආසියාටා හි කළමණාකාරීත්වය වෙනුවෙන් සැන්ඩ්‍රා ද සොයිසා, ශ්‍යාම් මජීඩ්, අමලි නානායක්කාර, ඇන්තනි රොද්‍රිගු, අසංග ප්‍රියදර්ශන, සරීනා රහීම්, රමනන් දේවරාගම් සහ කල්බ් විෂන් සාමාජිකයින් 100 දෙනෙකුගේ සහභාගිත්වයෙන් Dialog Iconic - Digital Experience Centre හි පැවති උත්සවයකදී මෙම අලෙවි සහයෝගිතා වැඩසටහන දියත් කෙරිණ.

    මෙම එකඟතාවට අනුව සියලුම ඩයලොග් ක්ලබ් විෂන් සාමාජිකයින්ට නවතම ඉහළ පරාසයේ Huawei P9 ස්මාර්ට්ෆෝන් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙයි. ඔවුන් සඳහා විශේෂ දීමනා රැසක්ද ක්‍රියාත්මක වෙයි. තව ද ලොව සුපිරිතම Leica තාක්ෂණයට අනුව නිපදවූ ද්විත්ව ලෙන්ස් සහිත Huawei P9 ස්මාර්ට්‍ෆෝන් තෝරාගත් ඩයලොග් අලෙවි මධ්‍යස්ථාන වල දී මිලදී ගැනීමට ද අවස්ථාව උදාවේ.

    Huawei P9 ජාත්‍යන්තර ප්‍රමුඛ නාමයක් වන Leica Camera AG සමඟ ඒකාබද්ධ වෙමින් තැනූ ප්‍රථම ස්මාර්ට්ෆෝනයයි. ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ නවමු අදියරක් හඳුන්වා දෙමින් මෙම ස්මාර්ට්ෆෝනය ද්විත්ව කැමරා ලෙන්ස් සහිතව නිපදවා තිබේ. මෙම ද්වි කැමරා පහසුකම මඟින් සුපැහැදිලි වර්ණ ඡායාරූප මෙන්ම සුපිරි මට්ටමේ කළු සුදු ඡායාරූප ගැනීමට ද හැකියාව පවතී. ඡායාරූපකරණය සඳහා පුළුල් අවස්ථාවක් විවර කර දෙමින් අති නවීන දෘෂ්‍ය ප්‍රයෝග රැසකින් සමන්විත මෙම Huawei P9 ස්මාර්ට්ෆෝනය මඟින් ආවේණික ඡායාරූප ගැනීමේ අපූර්වතම හැකියාවකින් සමන්විත වෙයි. අඟල් 5.2 ක් සහ පික්සල් 1080 ක තිරය සහ Kirin 955 2.5GHz 64-bit ARM ප්‍රොසෙසරය නිසා ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුක්ත වෙයි. 3,000mAh බැටරිය නිසා Huawei P9 භාවිත කරන්නන් වැඩි බැටරි ආයු කාලයක් තිස්සේ ස්මාර්ට්ෆෝනය භාවිත කිරීමේ වරප්‍රසාදයට හිමිකම් කියයි.

    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කළේ මෙරට විශාලතම ජංගම දුරකථන සේවා සැපයුම් කරු හා ඒකාබද්ධ වී කටයුතු කිරීමට හිමිවූ අවස්ථාව පිළිබඳව සතුටට පත්වන බව ය. මෙම සහයෝගීතාව මඟින් සිය බෙදාහැරීම් ජාලය තවදුරටත් පුළුල් කිරීමට හැකිවන බවත්, එමඟින් Huawei නිෂ්පාදන කෙරෙහි උනන්දු වන්නන්ට සුපිරිතම ස්මාර්ට්ෆෝනයක් වන Huawei P9 මිළදී ගැනීමට නව අවස්ථාවන් රැසක් උදාවන බවත් සඳහන් කළේය.

    ඩයලොග් ක්ලබ් විෂන් සාමාජිකයින්ට මෙම Huawei P9 ස්මාර්ට්ෆෝනය පරික්ෂා කර බැලීමට සහ අත්හදා බැලීමට එම අවස්ථාවේදී හැකියාව ලැබිණ. රන්වන්, රිදී සහ කළු පැහැයෙන් වෙළඳ පළට එන Huawei P9 ස්මාර්ට්ෆෝනය හඳුන්වාදීමේ මිල රුපියල් 75,999 කි.එමෙන්ම Huawei P9 Lite ස්මාර්ට්ෆෝනයක් රුපියල් 38,999 කට තෝරාගත් ඩයලොග් අලෙවි මධ්‍යස්ථාන වලින් මිලට ගත හැකිය.

    මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ Group Key Client Services හි ආයතනික සබඳතා ප්‍රධානි සහ ජ්‍යෙෂ්ට සාමාන්‍යාධිකාරිනී සරීනා රහීම් සඳහන් කළේ Huawei හා එක්ව සිය ක්ලබ් විෂන් සාමාජිකයින් වෙත විශිෂ්ට අවස්ථාවක් ලබාදීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවයි. සිය වටිනා පාරිභෝගිකයින්ට තත්වයෙන් උසස්, අති නවීන Huawei ස්මාර්ට්ෆෝනයත් සමඟින් විශේෂ දීමනා රැසක් ලබාදීමටද සැලසුම් කර ඇති බව ඇය සඳහන් කළාය.

    Leica හි සුපිරිතම ඔප්ටිකල් ලෙන්ස් සහිත ද්විත්ව කැමරා වලින් සමන්විත Huawei P9 ස්මාර්ට්ෆෝනය මඟින් වඩා සවිස්තරාත්මක ඡායාරූප ලබාගැනීමේ හැකියාව පවතී. RGB වර්ණාවලියකින් සමන්විත මෙම ස්මාර්ට්ෆෝනය මඟින් නියම වර්ණ නියමාකාරයෙන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම මොනොක්‍රෝම් කැමරාව මඟින් වඩා සවිස්තරාත්මක ඡායාරූප ලබාගැනීමට හැක. අඩු ආලෝක තත්වයකදී වුව වඩා සුපැහැදිලි ඡායාරූප ලබාගැනීමට හැකි Huawei P9 හි ඇති ද්විත්ව කැමරාව මඟින් අලෝක තත්වය නොසලකා හරිමින් වඩා පැහැදිලි ඡායාරූපයක් ලබාදෙයි.

    2016 වසරේ සැලකියයුතු වර්ධනයක් අපේක්ෂා කරන Huawei ගතවූ වසර තුළ අතිසාර්ථක අන්දමින් සිය ඉලක්ක සපුරා ගැනීම සමත් විය. 2016 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් වෙළඳ පලේ 23.3% ක හිමිකාරීත්වය Huawei සතුකරගෙන ඇති බව ප්‍රමුඛ සමීක්ෂන ආයතනයක් වන GFK වාර්තා සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් වෙළඳ පලේ අංක 2 හිමිකරගෙන සිටින Huawei 2016 වසරේ Brand Finance වාර්තා වලට අනුව ලොව ප්‍රමුඛතම වෙළද පළ සන්නාම 100 අතුරින් 47 වන ස්ථානය හිමිකරගෙන සිටියි.

    Huawei නිෂ්පාදන සහ සේවා රටවල් 170 කට අධික සංඛ්‍යාවක් පුරා පැතිර පවතියි. එමෙන්ම 2015 වසරේ ස්මාර්ට්ෆෝන් අපනයනය අතින් තුන්වන ස්ථානයට පත්වූ Huaweiඇමරිකාව, ජර්මනිය,ස්වීඩනය, රුසියාව, ඉන්දියාව, සහ චීනය යන රටවල් කේන්ද්‍ර කරගනිමිනි. ලොව පුරා රටවල සමීක්ෂණ සහ සංවර්ධන ඒකක 16ක් පවත්වාගෙන යයි. Huawei හි ප්‍රමුඛ ව්‍යාපාර ත්‍රිත්වය අතුරින් එකක් වන Huawei Consumer BG මඟින් ස්මාර්ට්ෆෝන්,පරිගණක,සහ ටැබ්ලට් මෙන්ම පැළඳිය හැකි උපකරණ සහ ක්ලවුඩ් සේවා, යනාදී ව්‍යාපාර වල නිරත වෙයි.Huawei හි ජාත්‍යන්තර ජාලය වසර 20 කට අධික කාලයක් ලොව පුරා විදුලි සංදේශ සහ නවීන තාක්ෂණය ආශ්‍රිත සේවා රැසක් සපයයි.