Huawei හි නවතම සහ ප්‍රමුඛතම P9 ස්මාර්ට්ෆෝනය සඳහා වාර්තාගත අනුමාන මිලක්

    June, 23, 2016

    ශ්‍රී ලංකාවට මෙතෙක් හඳුන්වාදුන් Huawei ස්මාර්ට්ෆෝන් අතුරින් ප්‍රමුඛතම ඉහළ පරාසයේ ස්මාර්ට්ෆෝනය වන Huawei P9 මෙරට සමස්ථ ස්මාර්ට්ෆෝන් වෙළඳපළේ මිල මට්ටම් අතර නව වාර්තාවක් තැබීමට සමත්ව තිබේ.මෙරට ඉහළ පරාසයේ ස්මාර්ට්ෆෝන් වෙළඳපල ඉලක්ක කරගනිමින් නිකුත් කෙරෙන මෙම ස්මාර්ට්ෆෝනය රුපියල් 75000 ත් 85000 ත් අතර මිලකට අලෙවි කිරීමට නියමිත අතර එය මෙම සතියේ මෙරට වෙලඳපලට හඳුන්වාදීමට නියමිතව තිබේ.

    එම සමාගමේ දේශිය ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සිය එකම ජාතික බෙදාහරින්නා වන සිංගර් ශ්‍රී ලංකා සමඟ එක්ව මෙම ස්මාර්ට්ෆෝනය බෙදාහැරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් සැලසුම් කර තිබේ.එමෙන්ම මෙම ස්මාර්ට්ෆෝනය රන්වන්, රිදී සහ කළු යන වර්ණයන්ගෙන් වෙළදපලට හඳුන්වාදීමට නියමිත බව වාර්තා වෙයි.

    ඡායාරූපකරණය සම්බන්ධයෙන් ලෝ ප්‍රකට Leica සමාගම සහ Huawei හා එක්ව නිපදවා ඇති මෙම ස්මාර්ට්ෆෝනය හොඳම මෘදුකාංග සහ දෘඩාංග යොදා නිපදවා තිබේ. ඔප්ටිකල් ලෙන්ස්,සෙන්සර්ස් සහ ඡායාරූප සැකසීමේ පහසුකම් අතින් උසස් මෙම ස්මාර්ට්ෆෝනය භාවිත කරන්නාට උසස් තත්වයේ ඡායාරූප ලබාගැනීමේ පහසුකම් හිමිවෙයි.

    Huawei P9 හි ඡායාරූප ගැනීමේ සුවිශේෂී පහසුකම් අතර Leica ලෙන්ස් වලින් යුක්ත ද්විත්ව කැමරා පහසුකම් සුවිශේෂී වේ.එමෙන්ම සවිමත් ස්පර්ෂක තිරයකින් යුක්ත වන මෙම ස්මාර්ට්ෆෝනය RGB වර්ණ සංයෝජක රටාවන්ගෙන් යුක්ත වෙයි. මෙම වර්ණ සංයෝජක රටා සහ මොනෝකෝම් කැමරා පහසුකම් නිසා වඩා සවිස්තරාත්මක වර්ණ ඡායාරූප ලබාගැනීමේ හැකියාව පවතී. පසුපස ද්විත්ව කැමරාව මඟින් අඩු ආලෝක තත්වයකදී වුව සුපැහැදිලි විස්තරාත්මක ඡායාරූප ලබාගැනීමේ හැකියාව පවතී.

    පසුගිය අප්‍රේල් මාසයේදී Huawei P9 ස්මාර්ට්ෆෝනය Huawei හි පාරිභෝගික වෙළ ද සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි රිචඩ් යු මහතාගේ ප්‍රධානත්වයෙන් ලන්ඩන් නුවරදී එළිදැක්වුනි. Man of steel හි සුපර්මෑන්ට රඟපෑ හෙන්රි කැවිල් සහ ඇවෙන්ජර්ස් රංගන ශිල්පිනි ස්කාලට් ජොහැන්සන් යන සුපිරි හොලිවුඩ් රංගන ශිල්පීන් Huawei P9 හී ජාත්‍යන්තර සන්නාම තානාපතිවරුන් වන අතර ඔවුන් පෙනීසිටින රූපවාහිනී වෙළඳ දැන්වීමකින් මේ පිළිබඳව පූර්ව ප්‍රචාරය සිදුකරන ලද අතර මේ සඳහා ජාත්‍යන්තර සන්නාම නියොජිතයින් සහ ආරාධිතයින් දහසකට අධික පිරිසක් එක්ව සිටියහ.