March, 3, 2026
Huawei විසින් ඉදිරිපත් කරනු ලැබූ DCS Full-Stack Data Center විසඳුම Omdia අනුබද්ධ Enterprise Strategy Group (ESG) විසින් සිදු කරන ලද තාක්ෂණික ඇගයීමකින් සාර්ථකව සමත්ව තිබේ. මේ තුලින් AI තාක්ෂණය සහිත යුගයට ගැලපෙන දත්ත මධ්‍යස්ථාන අවශ්‍යතා සපුරාලන බව එම ආයතනය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවකින් සඳහන් කර සිටියි. කාර්යක්ෂම ඔන්ලයින් සේවා, දත්ත කළමනාකරණය සහ AI මොඩියුලයන්ගෙන් සමන්විත මෙම විසඳුම තුලින් ව්‍යාපාරයන්ට ඉතා ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුත් ආරක්ෂිත දත්ත මධ්‍යස්ථානයක් නිර්මාණය කර ගැනීමට හැකියාව උදා වේ. කර්මාන්ත ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයටද එය සුවිසල් පිටිවහලක් වනු නිසැකය.
දත්ත මධ්‍යස්ථානයන් වේගයෙන් වර්ධනය වන විට ඒවා තුලින් සිදු කරන කාර්යයන්ද වෙනස් වෙමින් පවතී. මේ හේතුවෙන් තම සේවා අවශ්‍යතා සපුරා ගැනීමට හා වියදම් අවම කර ගැනීමට ව්‍යාපාරයන්ට විවිධ යටිතල පහසුකම් සපයා ගැනීමට සිදු වේ. එසේම ඔවුන්ගේ AI සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය හා තොරතුරු සේවා පරිවර්තනය හරහා කාර්යක්ෂමතාව හා තරඟකාරීත්වය ඉහළ නංවා ගැනීමටද ඔවුන්ට සිදු වේ. Huawei DCS හරහා සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන තොරතුරු සහ කළමනාකරණ හැකියාවන් ව්‍යාපාර වෙත ලබා දෙයි. මෙය විවිධ අවශ්‍යතාවන්වලට ගැලපෙන පරිදි යොදා ගැනීමේ හැකියාව ඇති බැවින් ව්‍යාපාර ඩිජිටල්කරණය හා විශිෂ්ටත්වය වෙනුවෙන් සුවිසල් ශක්තියක් වනු ඇත.
ESG වාර්තාව මඟින් DCS හි තාක්ෂණික වාසි කිහිපයක් පෙන්වා දී ඇත. ශක්තිමත් හා විශ්වාසදායී සැකැස්ම, ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත නිමාව සහ ඉහළ ක්‍රියාකාරීත්වය හා භාවිතයේ පහසුව එම ප්‍රතිලාභ අතර විශේෂ වේ. මහා පරිමාණ ව්‍යාපාර කටයුතු සඳහාම හඳුන්වා දී ඇති මෙම සේවාව කරදරයකින් තොරව පහසුවෙන් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට හැකි වේ.
ශක්තිමත් බව හා විශ්වාසය
මෙම පද්ධතිය සතු ශක්තිමත් බව හා විශ්වාසය ESG විසින් තහවුරු කර ඇති මෙය ransomware වැනි සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ස්ථර කිහිපයක ආරක්ෂක පද්ධතියකින් සමන්විත වේ. පද්ධතියේ යම් දෝෂයක් ඇති වුවද දත්ත නැවත ලබා ගැනීමට සහ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වීම හේතුවෙන් විශාල පරිමාණ ව්‍යාපාරයන්ට මහත් පිටිවහලක් වනු ඇත.
කාර්යක්ෂම නිමාව
Huawei DCS විසඳුමෙහි වේගය හා කාර්යක්ෂමතාව පිළිබඳව සැලකීමේදී එය සාමාන්‍ය පද්ධතිවලට වඩා 30%කට වැඩි වේගයක් (IOPS) ප්‍රදර්ශනය කරන බව තහවුරු වී තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ අවම සම්පත් ප්‍රමාණයක් භාවිත කරමින් වැඩි වැඩ කොටසක් සිදු කර ගැනීමට හැකිවීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරයක මුල් ආයෝජනය හා පවත්වාගෙන යාමේ වියදම යන දෙකම අඩු කර ගැනීමට හැකිවීම පෙන්වා දිය හැකිය.
ඉහළ ක්‍රියාකාරීත්වය හා භාවිතයේ පහසුව
ඕනෑම උපාංගයක් සමඟ පහසුවෙන් සම්බන්ධ කළ හැකි DCS විසඳුම පහසුවෙන් භාවිත කිරීමේ හැකියාවද පවතී. මහා පරිමාණ VMs හි වේගවත් ක්‍රියාකාරීත්වයක් ඇති කිරීමටද එය ඉවහල් වේ. MigrationDirector වැනි මෙවලම් හේතුවෙන් පැරණි දත්ත පද්ධති වෙත ඉතා වේගයෙන් පරිවර්තනය කිරීමේ හැකියාවද පවතී. මෙය ව්‍යාපාරයන්ට තම පැරණි ආයෝජන ආරක්ෂා කර ගනිමින්, නවීන AI තාක්ෂණයට ඉතා ඉක්මණින් හුරු වීමට සහ තරඟකාරී වෙළෙඳපොලේ ඉදිරියට යාමට ද උපකාරී වේ.
Video Story