October, 31, 2016
බෙදාහැරීම් ජාලය ශක්තිමත් කිරීම ප්‍රමුඛ අරමුණයි
Huawei නිෂ්පාදන වල විශිෂ්ටත්වය අත්විඳීමේ සියලු පහසුකම් සහිත Huawei Experience Centre කොළඹදී විවෘත කෙරේ. මෙම Huawei Experience Centre කොළඹ කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ බිම් මහලේ පිහිටා තිබේ. Huawei හි ශ්‍රී ලාංකික මෙහයුම් තවදුරටත් පුළුල් කිරීම සඳහා ආරම්භ කළ මෙම නව මධ්‍යස්ථානය පාරිභෝගිකයාට තමන් කැමති ස්මාර්ට්ෆෝනය, හෝ ටැබ් එක මෙන්ම Huawei හි වෙනත් උපාංග අත්හදාබැලීමට අවශ්‍ය සියලුම පහසුකම් වලින් සමන්විත වෙයි. දිවයින පුරා ඉලක්කගත ස්ථානවල නව මධ්‍යස්ථාන පිහිටුවීමේ Huawei හි ව්‍යාප්ති වැඩසටහනේ තවත් පියවරක් ලෙස මෙම නව Huawei Experience Centre පිහිටුවා තිබේ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූයේ දිලිත් ජයවීර මහතා ය. මීට අමතරව Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා, එහි ශ්‍රී ලංකා සාමාන්‍යධිකාරි කල්ප පෙරේරා සහ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ චන්දන සමරසිංහ යන මහත්වරු එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා පෙන්වා දුන්නේ පාරිභෝගික අවශ්‍යතාව මැනවින් තේරුම් ගනිමින් නව නිෂ්පාදන හා නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්‍රමුඛයින් බවට Huawei පත්ව ඇති බවයි. තත්වයෙන් උසස් ගුණාත්මක නිෂ්පාදන මෙරට පාරිභෝගිකයාට පිරිනමමින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් අතර අංක 1 සන්නාමය බවට පත්වීම සිය ඉලක්කය බව ද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය. පාරිභෝගිකයාට වඩාත් සමීප සේවාවක් සැපයීම සඳහා දිවයින පුරා Huawei Experience Centre විවෘත කිරීම තුළින් පාරිභෝගිකයින් වෙත තත්වයෙන් උසස් ස්මාර්ට්ෆෝනයක් මිලදී ගැනීමට හැකිවනවා පමණක් නොව ලාභදායි මිලකට එය මිලදී ගැනීමටද හැකිවන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා හි සාමාන්‍යාධිකාරි කල්ප පෙරේරා මහතා පෙන්වා දුන්නේ මෙම මධ්‍යස්ථානය Huawei නිෂ්පාදන අත්හදා බැලීම සඳහා නාගරික ජනතාවට හිමිවන සුවිශේෂි අවස්ථාවක් බවයි.
Huawei නිෂ්පාදන වල තත්වය සහ සේවාව පිළිබඳව මෙහිදී තමන්ටම අවබෝධයක් ලබාගැනීමට හැකිවන බව ද ඒ මහතා සඳහන් කළේය. සෑම සියලු ශ්‍රී ලාංකිකයෙකුම Huawei හි අද්විතීය තාක්ෂණය මොහොතකට හෝ අත්විඳීමට ඉඩ සැලසීම මෙම වැඩපිළිවෙළෙහි ඒකායන අරමුණ බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
මිළඟ කාර්තුව තුළදී දිවයින පුරා අලෙවි සැල් 3000 කට අධික ප්‍රමාණයක් දක්වා වර්ධනය කිරීමට Huawei අපේක්ෂා කරයි. එමෙන්ම මේ වසර අවසාන වීමට ප්‍රථම දිවයින පුරා සේවා මධ්‍යස්ථාන 20 කට වැඩි ප්‍රමාණයක් පිහිටුවීමට ද Huawei සැලසුම් කර තිබේ. දිනෙන් දින වර්ධනය වන පාරිභෝගික ජාලයේ ඉල්ලීම මත නියම Huawei නිෂ්පාදන අත්හදාබැලීම සහ මිලදී ගැනීම ආදිය සඳහා දිවයින පුරා සන්නාම ප්‍රදර්ශනාගාර පිහිටුවා තිබේ. මේ වනවිට දේශීය ජනතාවට ඉතා පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානවල අති සාර්ථක අන්දමින් මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන යයි.
GFK Q3 2016 වාර්තා වලට අනුව මෙරට 24.4% ක වෙළඳ පළ ප්‍රතිශතයක් Huawei සතුවෙයි. මෙරට අංක දෙකේ ස්මාර්ට්ෆෝනය වන Huawei ඉතා වේගයෙන් අලෙවි වාර්තා අභිබවමින් ඉදිරියට එමින් සිටියි. 2016 වසරේ Brand finance වාර්තා වලට අනුව ලොව හොඳම සන්නාම 100 අතුරින් 47 වන ස්ථානය Huawei වෙත හිමිවී ඇති අතර Interbrand's හි ලොව හොඳම සන්නාම අතර 72 ස්ථානය හිමිකරගැනීමට Huawei සමත්ව සිටියි.
Video Story