March, 27, 2016
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නිෂ්පාදන පිළිබඳ අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත තිලිණ කිරීමට ඒ සඳහ වන Experience Store විවෘත කරයි. මෙම මධ්‍යස්ථානය මැජෙස්ටික් සිටි හි දෙවන මහලේ දැන් විවෘත කර තිබේ. මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට Huawei ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වැන්ග් මහතා සහ Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සහ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ නියෝජිතයෝ එකව සිටියහ.
මෙම නව මධ්‍යස්ථානයේදී නවතම Huawei නිෂ්පාදන ක්‍රියා කරවා ඒ පිළිබඳ අත්දැකීම් ලබගැනීමට අවස්ථාව හිමිවෙයි.Huawei හි නවතම ස්මාර්ට්ෆෝන් සහ අනිකුත් උපාංග පිළිබඳ අත්හදාබැලීමට අවස්ථාව උදාවෙයි.එලෙස අත්හදා බලා අවශ්‍ය නම් එම මධ්‍යස්ථානයෙන් Huawei නිෂ්පාදන මිලදී ගැනීමට ද අවස්ථාව හිමිවේ.
ශ්‍රී ලංකාවේ Huawei නියෝජිත ජාලය සහ සේවා ස්ථාන 19ක් ස්ථාපනය කර තිබේ. 2014 වර්ෂයේ දේශිය වෙළඳ පොලේ 200%ක වර්ධනයක් පෙන්නුම් කළ Huawei 2015 වසරේ 300% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.මේ අනුව 2015 වසර Huawei හි වාර්ථා තැබු වසරකි.
Huawei හි නව වර්ධනය පිළිබඳ අදහස් දැක්වු Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කළේ 2016 වසරේ සිව්වන කාර්තුව වන විට 30% ක වෙළඳ පොල වර්ධනයක් අපේක්ෂා කරන බවයි.පාරිභෝගිකයින් වෙත නිරතුරුවම පහසුකම් සලසන Huawei විවෘත කල නව මධ්‍යස්ථානය මඟින් Huawei නිෂ්පාදන පිළිබඳව පුළුල් අත්දැකීමක් සහ අවබෝධයක් ලබාගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සැලසෙන බවත් එය මෙරට පාරිභෝගිකයාට ලැබෙන අද්විතීය අවස්ථාවක් බවත් ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම Huawei මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ස්මාර්ට්ෆෝනය බවට පත්වෙමින් ඇති බවත් පාරිභෝගිකයා සහ Huawei අතර සබඳතාව වර්ධනය කරගැනීම සඳහා සිංගර් ලබාදුන් සහයෝගය පිළිබඳව කෘතවේදීව සිහිපත් කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
පෙබරවාරි මාසය අවසානයේදී Huawei නව ස්මාර්ට්ෆෝන් දෙකක් හඳුන්වා දුන් අතර ඒවා ඇඟිලි සළකුණු තාක්ෂණය, ආදී අති නවීන තාක්ෂණයෙන් යුක්ත විය. ඉහළ පරාසයේ ස්මාර්ට්ෆෝනයක් වන Huawei Mate 8 සහ මධ්‍ය පරාසයේ ස්මාර්ට් ෆෝනයක් වන GR5 එලෙස හඳුන්වා දුන්නේය. මෙම නිෂ්පාදන දෙක සඳහාම ඉතා ඉහළ ඉල්ලුමක් ඇති අතර 2016 පළමු මාස 3 තුළ සමස්ථයක් ලෙස Huawei ස්මාර්ට් ෆෝන් සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලුම ඉහළ ගොස් තිබේ.
ඩොලර් බිලියන 20 ක අලෙවිය සහ ස්මාර්ට්ෆෝන් මිලියන 100ක් අලෙවි කිරීම යන අලෙවි ඉලක්ක සපුරාගැනීමට Huawei කටයුතු කරමින් සිටියි.මේ වනවිට පැළඳිය හැකි ස්මාර්ට් උපකරණ සහ ස්මාර්ට් නිවාස ආදී නව සංකල්ප කිහිපයක් පිළිබඳ Huawei හි අවධානය යොමුව ඇති අතර බ්‍රෝඩ්බෑන්ඩ් සබදතා සම්බන්ධයෙන්ද Huawei උනන්දුවෙන් කටයුතු කරයි. පාරිභෝගිකයාට හොඳම සේවාවක් ලබාදීම අරමුණු කරගනිමින් Huawei කටයුතු කරන අතර අන්තර්ජාල පහසුකම් සහිත වාහන සහ “දෘඪාංග - මෘදුකාංග -සේවා“ එක්තැන් කළ ක්ලවුඩ් සේවා වෙත ද Huawei අවධානය යොමුව තිබේ.
ලොව විශාලතම වෙළඳ සමීක්ෂණ ආයතනයක් වන GFK වාර්තා වලට අනුව පසුගිය මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා Huawei ස්මාර්ට්ෆෝනය චීන වෙළඳපලේ 12.9%, 13.6%, 14.4%, 15.2%, 14.9%, 14.9%, සහ 15.2% ආදී වශයෙන් වර්ධනයක් පෙන්නුම් කර තිබේ.එමෙන්ම අගෝස්තු මාසයේදී යුවාන් 3000ත් 4000ත් අතර ඉහළ පරාසයේ ස්මාර්ට්ෆෝන් අලෙවියේ 27.5% ක වර්ධනයක් Huawei විසින් පෙන්නුම් කර තිබේ. ඇපල් දුරකථන වලට පමනක් දෙවෙනි වන Huawei වෙළඳ පලේ 30.1% ක ප්‍රමාණයක් අත්පත් කරගෙන තිබේ.
Video Story