November, 1, 2024
මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදක සමාගමක් වන HUTCH මේ වනවිට සහනදායී ඩේටා රෝමින් සේවාවන් සම්බන්ධයෙන් විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත් වී සිටී. HUTCH යනු සුවිශාල ජාත්‍යන්තර ආවරණය පරාසයක් සහිත ජංගම දුරකථන ජාලයකි. එම නිසා විනෝදාස්වාදය උදෙසා සංචාරයේ යෙදෙන්නන්ගේ මෙන්ම, ව්‍යාපාර කටයුතු, ආගමික කටයුතු සහ අධ්‍යාපනය වැනි අරමුණු සඳහා විදේශගත වන්නන්ගේද ප්‍රමුඛතම තේරීමක් බවට පත්වීමට HUTCH සමත් වී ඇත.
HUTCH ඩේටා රෝමින් සේවාව භාවිතා කරන පාරිභෝගිකයන්ට සතියකට ඇමරිකානු ඩොලර් 5 කට 10GB ඩේටා හිමි වන සැලසුම හෝ මාසයකට ඇමරිකානු ඩොලර් 15 කට 30GB ඩේටා හිමි වන සැලසුම තෝරාගත හැකි වේ. මෙම සැලසුම් හඳුන්වා දී ඇත්තේ විදේශගත වන්නන්ට සහනදායී ගාස්තු යටතේ විශ්වාසනීය අන්තර්ජාල සම්බන්ධතාවක් ලබාදීමේ අරමුණිනි. මේ සඳහා HUTCH Sri Lanka සමාගම ලොව ප්රමුඛ පෙළේ ජංගම දුරකථන සේවා සම්පාදක සමාගම් රැසක් සමග අත්වැල් බැඳගෙන සිටින නිසා ලොව රටවල් රාශියක HUTCH රෝමින් පහසුකම් ක්‍රියාත්මක වේ.
“අපගේ ඉලක්කය වන්නේ සෑම විටම පාරිභෝගිකයන්ට උපරිම වටිනාකම් තිළිණ කිරීමයි. සියලුම ආකාරයේ සංචාරකයන්ට ඉතාම සහනදායී ගාස්තු යටතේ අන්තර්ජාල පහසුකම් භාවිතා කිරීමට අවස්ථාව ලබාදීම සඳහා අප මේ රෝමින් සැලසුම් හඳුන්වා දී තිබෙනවා, ව්‍යාපාර කටයුතු සඳහා විදේශගත වන්නන් වුවත්, විනෝදය උදෙසා සංචාරය කරන්නන් වුවත්, ඔවුන් සියලුම දෙනාට ගාස්තු පිළිබඳව සිත් තැවුල් ඇතිකර ගැනීමෙන් තොරව, ඉතාමත් පහසුවෙන් රෝමින් සැලසුම් සක්‍රීය කරගැනීමටත් භාවිතා කිරීමටත් අවස්ථාව සලසා දීමට අපට අවශ්‍ය වුණා. HUTCH සෑම විටම උත්සාහ කරන්නේ පාරිභෝගිකයන්ට ජාත්‍යන්තර තලයේ සම්බන්ධතා පහසුකම් ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමටයි.” HUTCH Sri Lanka ප්‍රධාන විධායක නිලධාරී හම්දි හසන් මහතා පැවසී ය.
HUTCH Selfcare app හරහා පාරිභෝගිකයන්ට ඉතාමත් පහසුවෙන් තමන්ට අවශ්‍ය රෝමින් සැලසුම් සක්‍රීය කරගැනීමටත්, තම ඩේටා භාවිතය නිරීක්ෂණය කිරීමටත් අවස්ථාව හිමි වේ. එමෙන්ම HUTCH මගින් පැය 24 පුරා පාරිභෝගික සහය සේවාවක්ද ලබාදෙන නිසා පාරිභෝගිකයන් ලොව කොතැන සිටියත් ඔවුන්ට අවශ්‍ය සහය ඉක්මනින් ලබාගත හැකි වේ.
මේ ආකාරයට අනෙකුත් සමාගම්වලට සාපේක්ෂව අතිශය සහනදායී ගාස්තු පිරිනැමීම සහ විශිෂ්ට ආවරණ පරාසය වැනි සාධක හේතුවෙන් HUTCH මේ වනවිට රෝමින් සේවාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ නොසැලෙන විශ්වාසය දිනාගැනීමට සමත් වී සිටී.
Video Story