January, 16, 2026
HUTCH සමාගම සිය වෙළඳ නියෝජිතයන් ඇගයීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී වැඩසටහනක් වන 'කහවණු උදානය' තෙවන අදියර, පෙර වසරවලටත් වඩා වැඩි ප්‍රතිලාභ සහ නව අත්දැකීම් රැසක් පිරිනමමින් සාර්ථකව නිමාවට පත් විය.
මෙම වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා දිවයින පුරා විසිරී සිටින වෙළඳ නියෝජිතයන් 10,000කට අධික පිරිසක් මෙම වැඩසටහන සමඟ එක්ව සිටිනවා. මෙවර නිමාවට පත් වූ අදියරේදී පමණක් නියෝජිතයන් 700කට අධික පිරිසක් තමන් රැස්කරගත් කාසි වෙනුවෙන් ප්‍රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලැබුවා.
මෙහිදී ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ හවුල්කරුවන් සිව්දෙනා අතරේ රුපියල් මිලියන 4ක මුදල් ත්‍යාග බෙදී ගිය අතර, තවත් හවුල්කරුවන් 40 දෙනෙකුට කාලයත් සමඟ වටිනාකම ඉහළ යන රන් කාසි ත්‍යාග වශයෙන් හිමිවිය. අනෙකුත් හවුල්කරුවන්හට රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුත් Singer සහ Cargills භාණ්ඩ මිලදී ගැනීමේ වවුචර් පත් මෙන්ම, නැවත විකිණිය හැකි රීලෝඩ් (Reload Stock) තොග ත්‍යාග ලෙස හිමිවිය. එය ඔවුන්ගේ ව්‍යාපාර වෙත ලැබුණු නොමිලේ සිදුකළ ආයෝජනයක් ලෙසද හැඳින්විය හැකිය.
මෙම වැඩසටහනෙහි ඇති තවත් සුවිශේෂී වාසියක් වනුයේ තමන් හිමිකරගත් කාසි ත්‍යාග බවට පරිවර්තනය නොකළ වෙළෙඳ නියෝජිතයන්හට, එම කාසි ඊළඟ අදියර සඳහා නැවත ආයෝජනය කිරීමට තීරණය කළ හැකි අතර, ඒ වෙනුවෙන් ඔවුන්ට අමතර පොලියක් ද හිමිවීමයි. HUTCH සමාගම කෙරෙහි වෙළෙඳ ප්‍රජාව තුළ ඇති විශ්වාසය මැනවින් පිළිබිඹු කරමින්, මෙලෙස ඊළඟ අදියර සඳහා නැවත ආයෝජනය කරන ලද කාසි ප්‍රමාණය මිලියන 270 ඉක්මවයි.
මෙම ඇගයීමේ සම්මාන උළෙල කොළඹ Waters Edge හීදී පැවැත්වුණු අතර, දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් වෙළෙඳ හවුල්කරුවන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ඊට සහභාගී වූහ. එහිදී ඔවුන් වෙත අමතක නොවන පිළිගැනීමක් සහ සුවිශේෂී ආගන්තුක සත්කාර පිරිනැමීමට HUTCH කටයුතු කළේය. මෙහිදී, මෙරට නවීනතම හෙලිකොප්ටර් යානා පෙළ වන Senok Airbus H125 හෙලිකොප්ටර් යානා මඟින් කොළඹ නගරය ඉහළ අහසේ සිට නැරඹීමේ (Aerial tours) දුර්ලභ අවස්ථාවක්ද ඔවුන් වෙත හිමිවිය. සියලු දෙනාටම මෙය ජීවිතයේ ප්‍රථම වතාවට ලැබුණු අත්දැකීමක් විය.
සම්මාන උළෙලට සහභාගී වීමට නොහැකි වූ සෙසු ජයග්‍රාහී වෙළඳසැල් හිමියන්ගේ ව්‍යාපාරික ස්ථාන සහ නිවෙස් වෙතම ගොස් ඔවුන්ගේ ත්‍යාග පිරිනැමීමට HUTCH සමාගම පියවර ගත්තේය. මෙම වැඩසටහන හරහා, HUTCH සන්නාමයේ සාර්ථකත්වය කරා ළඟා වීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරන වෙළඳසැල් හිමියන් ඇගයීමට ලක්කිරීමට සමාගම නිරන්තරයෙන් කැපවී සිටියි.
මේ පිළිබඳව අදහස් දැක්වූ කොළඹ, YASITHA COMMUNICATION හි එම්. බුද්ධික ශාන්ත පෙරේරා මහතා කියා සිටියේ "ව්‍යාපාරිකයෙකු ලෙස දියුණු වීමට HUTCH කහවණු උදානය වැඩසටහන තමන් හට විශාල ශක්තියක් සහ සහයෝගයක් ලබා දුන් බවයි. මෙම වැඩසටහනෙහි අදියර තුනේදීම මිලියන ගණනක් වටිනා කාසි සහ මුදල් වවුචර් පත් දිනා ගැනීමට හැකි වූ බවද ඔහු සඳහන් කළා.
හම්බන්තොට, GAYAN CELLULAR (G J) MOBILE SHOP හි ආර්. ඩී. ගයාන් ජීවන්ත මහතා සඳහන් කළේ "පාරිභෝගිකයින් දැනුවත් කිරීමට සහ ඔවුන්ට වඩාත් ගැළපෙන පැකේජ ලබා දීමට වෙළඳසැල් හිමියන් ගනු ලබන උත්සාහයත්, දිගුකාලීන කැපවීමත් අගය කිරීම පිළිබඳව තමන් HUTCH සමාගමට බෙහෙවින් ස්තූතිවන්ත වන බවයි.”
බදුල්ල නගරයේ ඇති MOBILE ZONE & FRIENDS MOBILE හි මොහොමඩ් සාරිෆ් මුහම්මදු ෂානා මහතා ප්‍රකාශ කර සිටියේ, "HUTCH සමාගම සැමවිටම සිය වෙළඳසැල් හිමියන්ගේ දක්ෂතා අගය කිරීම මෙන්ම ඔවුන්ට සැබෑ වටිනාකමක් ලබා දෙන බවයි. රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයට අමතරව, සිය පවුල්වල සාමාජිකයන්ට හිමිවූ හෙලිකොප්ටර් සංචාරය ද ජීවිතයට අමතක නොවන අත්දැකීමක්වන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියා.
කුරුණෑගල NEW SILVER LING හි එම්.ආර්.ඒ.ආර්.ආර්. රාජසිංහ මහතා සඳහන් කළේ, "මෙම ඇගයීම පිළිබඳව වෙළඳසැල් හිමියන් ලෙස ඔවුන් ඉතාමත් සතුටු වන අතර මෙය සැමදා සිහිපත් කරන සුවිශේෂි අවස්ථාවක් වන බවයි.
'කහවණු උදානය' ඉදිරි සිව්වන අදියරේදී තවත් වරප්‍රසාද රැසක් හඳුන්වා දීමට නියමිත අතර, සංචාරක පැකේජ සහ රන් කාසි ඇතුළු වරප්‍රසාද රැසක් ඊට ඇතුළත් වේ.
තෙවන අදියරේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් HUTCH සමාගමේ ප්‍රධාන විකුණුම් නිලධාරී තරිඳු විජේරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, "කහවණු උදානය යනු හුදෙක් ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් පමණක් නොව එය අපගේ ව්‍යාපාරයේ කොඳු නාරටිය බඳු වෙළඳසැල් නියෝජිතයන් සවිබල ගැන්වීමේ සුවිශේෂී වැඩපිළිවෙලක් බවයි. තෙවන අදියරේ සාර්ථකත්වය සමඟින් දැන් ආරම්භ වී ඇති සිව්වන අදියර හරහා තවත් සුවිශේෂී වරප්‍රසාද රැසක් සිය වෙළඳසැල් හිමියන් වෙත උදාකර දීමට සමාගම සූදානම් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.


Video Story