December, 14, 2015
තාක්ෂණික සේවා සහ බාහිර සම්පත් සැපයුම්කරණ ජාත්‍යන්තර සමාගමක් වන Aegis සමාගම, Hutch ශ්‍රී ලංකා සමාගම සමග ක්‍රමෝපාය සබඳතාවකට එළඹෙයි.මෙහිදී Hutch ශ්‍රී ලංකා සමාගමේ පාරිභෝගික ජාලය වෙත පහසුකම් සැපයීමේ කාර්යභාරය Aegis සමාගම වෙත පැවරෙයි. නව එකගතාවට අනුව Hutch ශ්‍රී ලංකා සමාගමේ පාරිභෝගික සේවා කළමණාකරණයේ වගකීම Aegis සමාගම වෙත පැවරී තිබේ.
කොළඹ පිහිටුවා ඇති Aegis පාරිභෝගික මධ්‍යස්ථානය හරහා සියලු පාරිභෝගික සේවා කළමණාකාරණ කටයුතු සිදුකිරීමට මේ යටතේ සැලසුම් කර තිබේ.මෙම සබැඳියාව ඔස්සේ දැනටමත් Hutch ශ්‍රී ලංකා සමාගමට අනුබද්ධිතව පාරිභෝගික සේවා සපයමින් සිටින 65 දෙනෙකුගෙන් සමන්විත සේවක මඩුල්ලක් Aegis සමාගම යටතේ Hutch පාරිභෝගික ක්‍රියාවලින් කළමණාකරණය සඳහා යළි ස්ථාපිත කොට තිබේ.
Aegis සමාගමේ ජාත්‍යන්තර ප්‍රධාන විධායක නිලධාරි සන්දීප් සෙන් මහතා සඳහන් කළේ මෙම නව සබඳතාවය මගින් වර්ධනය වෙමින් පවත්නා වෙළඳපොල වෙත සිය ක්‍රමෝපාය වඩාත් සුදුසු බව තහවුරු වන බවයි.එය සිය සමාගම තැබු තවත් පුළුල් පියවරක් බව පෙන්වා දෙන හෙතෙම ශ්‍රී ලංකාවේ ටෙලිකොම් පාරිභෝගික සේවා ක්‍රියාවලින් කළමණාකරණයේ සිය නිපුණත්වය මෙහිදී කැපී පෙනෙන බවයි. Hutch ශ්‍රී ලංකා වැනි ප්රමුඛ සමාගමකට සේවා සැපයීමට අවස්ථාව හිමිවීම සිය ව්‍යාපාර ක්ෂේත්රයේ සුවිශේෂි අවස්ථාවක් බව ඒ මහතා පෙන්වා දෙයි.
පාරිභෝගික සේවා ක්‍රියාවලින් කළමණාකරණයේ ලොව ප්‍රමුඛයා වන Aegis සහ Hutch ශ්‍රී ලංකා අතර වන සබඳතාව සීඝ්රයෙන් වර්ධනය වෙමින් පවත්නා 3G පාරිභෝගික සමුහයට සේවා පහසුකම් සැපයීම වඩාත් පහසු කරවන්නක් බව Hutch ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක තිරුකුමාර් නඩරාසා මහතා පවසයි. Hutch පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නව වර්ධනය සමග සෑම පාරිභෝගිකයෙකු වෙතම පෞද්ගලිකවම සොයා බලා සේවා සැපයීමට හැකි බවත්, පෙරටත් වඩා උසස් සේවාවක් සැපයීමට හැකිවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.මෙම නව එකගතාව අනුව Hutch සමාගම සැලකිය යුතු පියවරකට අවතීර්ණ වී ඇති බව පෙන්වා දෙන හෙතෙම එය සිය නව්‍යකරණයන් සහ සුවිශේෂි සේවා පාරිභෝගිකයා අතරට ගෙනයාමට මහත් පහසුවක් බව සඳහන් කරයි.
Aegis සහ Hutch ශ්‍රී ලංකා අතර වන සබඳතාව වසර දෙකකට අධික කාලයක් පුරා නව Hutch සබඳතා සදහා වන ලියකියවිලි සියල්ල ස්වයංක්‍රීයව ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය හා බැඳුනකි. අවශ්‍ය අවස්ථාවල බාහිර සම්පත් යොදාගැනීම තුළින් වඩා කාර්යක්ෂම සේවාවක් සැපයීමට Hutch නිරන්තරයෙන් බැඳී සිටියි.
දශක දෙකකට අධික කාලයක් ජාත්‍යන්තර ටෙලිකොම් සමාගම් රැසකට සේවා සපයමින් සිටින Aegis සතුව වඩා කාර්යක්ෂම පාරිභෝගික සේවා යාන්ත්‍රණයක් පවතියි. ඒ සඳහා භාවිත කරන උපක්‍රම, තාක්ෂණය සහ විධි ක්‍රම පිළිබඳව මනා පළපුරුද්දක් එම සමාගම සතුව ඇත.
2009 දී ශ්‍රී ලංකාවේ සේවා ඇරඹු Aegis සමාගම Ismart- Timex Pvt Ltd හි 80% කොටස් හිමිකම දරණ සමාගමකි. Ismart- Timex Pvt Ltd සමාගම වසරකට වෘත්තීයවේදීන් 400ක් පමණ ශ්‍රී ලාංකේය ප්රමුඛ සමාගම් රැසකට සපයන සමාගමකි. එපමණක් නොව ශ්‍රී ලංකාවේ නිපුණතා පිරි සේවා බලකාය සහ සේවා අවශ්‍යතාව ඉලක්ක කරගනිමින් ඊට සරිලන වෘත්තිකයින් සැපයීම මෙම සමාගමේ ඇති ව්‍යාපාරික ක්රමෝපායන් අතරින් එකකි.
Video Story