Idea Industries Limited, අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹෙයි

    September, 20, 2024

    Idea Group Limited හි ප්‍රමුඛ අනුබද්ධ සමාගමක් වන Idea Industries Limited, 2024 සැප්තැම්බර් 18 වන දින අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත.

    i-Panel සිවිලිම සහ බිත්ති පැනල් සවි කිරීම සඳහා නවීන තාක්ෂණය සහ නව්‍ය ක්‍රමවේද හඳුන්වා දීමෙන් ඇලුමිනියම් නිෂ්පාදකයින් සහ දැව ශිල්පීන් ලෙස පුහුණුව ලබන සිසුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම මෙම හවුල්කාරිත්වයේ අරමුණයි. Idea Industries Limited, සිවිලිම් තහඩු නිෂ්පාදනය කිරීම සහ විසිතුරු නිවාස වැඩිදියුණු කිරීමේ විසඳුම් සැපයීමේ විශේෂඥතාව සඳහා ප්‍රසිද්ධියක් උසුලයි, පුහුණුවීම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වෘත්තිය පුහුණු අධිකාරිය සඳහා සහාය වීම සඳහා ඔවුන් මෙමගින් බලාපොරොත්තු වෙයි.

    මෙම සහයෝගීතාවය සිසුන්ට නවීන කුසලතා වලින් සන්නද්ධ කිරීමෙන් ප්‍රතිලාභ ලබා දෙනවා පමණක් නොව, ඔවුන්ගේ රැකියා අවස්ථා වැඩි දියුණු කිරීම සහ ස්වයං රැකියා සඳහා විවෘත මාර්ග ද ඇති කරයි. ඉදිකිරීම් සහ නිවාස වැඩිදියුණු කිරීමේ ක්ෂේත්‍රවල අවශ්‍යතා සපුරාලීමට ඔවුන්ව වඩාත් හොඳින් සූදානම් කරමින් නවතම ස්ථාපන ශිල්පීය ක්‍රම පිළිබඳ ඔවුන්ගේ ප්‍රවීණතාවය වැඩිදියුණු කිරීම කෙරෙහි පුහුණුව අවධානය යොමු කරනු ඇත.

    මෙම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී S. කුමාර් රාජපක්ෂ මහතා සහ Idea Industries හි ප්‍රධාන විධායක නිලධාරී දිල්හානි වීරරත්න මහත්මිය විසින් නිල වශයෙන් අත්සන් කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates