March, 10, 2025
දස වසරක සහයෝගීතාව සනිටුහන් කරමින්, ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීම සහ නායකත්වය ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන් සතු කැපවීම නැවත තහවුරු කරමින්, කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ගෝලීය හවුල්කරුවන් සමඟ එක්ව ආරම්භක වෙළදපල සීනුව නාද කිරීමේ අවස්ථාවට සහභාගී විය. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවැත්වෙන මෙම වාර්ෂික වැඩසටහන හරහා තිරසාර සංවර්ධනයක් සඳහා වන කාන්තාවන්ගේ ආර්ථිකමය සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම මෙහි සුවිශේෂී අරමුණ විය.
විශේෂයෙන්ම කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම්හි අධ්යක්ෂවරියන්ගේ සංඛ්‍යාව 2024 වර්ෂයේදී පැවති සියයට 8.7ක අගයේ සිට 2025 වර්ෂයේදී සියයට 13.4 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකාව පුරා කළමනාකරණ සහ අධ්යක්ෂ මණ්ඩල තනතුරු වල කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා වන කැපවීම ඒ හරහා පිළිබිඹු වේ. අධ්යක්ෂ මණ්ඩලවල අවම වශයෙන් සාමාජිකයින් පස් දෙනෙකු සිටිය යුතු බවට කොළඹ කොටස් හුවමාරුව නිකුත් කළ නියෝගය මීට බොහෝ සෙයින් බලපානු ලැබීය. එය ස්වාධීන අධ්යක්ෂවරුන් පත් කිරීමට හේතු වූ අතර මෙහිදී වැඩි කාන්තා නියෝජනයක් වරලත් ගණකාධිකාරී අංශයෙන් පෙන්නුම් කරයි.
ආරම්භක අවස්ථාවේදී අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරිනි වින්ධ්‍යා ජයසේකර මෙලෙස ප්‍රකාශ කළේය. "CSE ලැයිස්තුගත සමාගම්වල අධ්යක්ෂ මණ්ඩලවල කාන්තා නියෝජනය 54% කට වඩා කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ලැබීම සම්බන්ධයෙන් අපි ඉතාමත් සතුටු වන්නෙමු. පසුගිය වසරට සාපේක්ෂව සමස්ත නියෝජනය 13.4% ක් දක්වා ඉහළ ගොස් ඇත. පැහැදිලි සහ දිරිගන්වනසුලු ප්‍රවණතාවක් මේ හරහා අවධාරණය වන අතර, ප්‍රගතිය වේගවත් වෙමින් පවතින බවත් අප නිවැරදි දිශාවට ගමන් කරන බවත් එමඟින් පෙන්නුම් කෙරේ. කොළඹ කොටස් හුවමාරුවේ අපගේ කාර්ය මණ්ඩලයෙන් 46.7% ක් සහ අපගේ කළමනාකරණ කණ්ඩායමේ 47% ක් කාන්තාවන් නියෝජනය කිරීම ගැන අපි ආඩම්බර වන අතර එය ස්ත්‍රී පුරුෂ සමතුලිත නායකත්වය සඳහා වන අපගේ අඛණ්ඩ කැපවීම එමඟින් පිළිබිඹු කරයි. නායකත්ව භූමිකාවන්හි වැඩි කාන්තා නියෝජනයක් සඳහා පෙනී සිටීම, තිරසාර ආර්ථික වර්ධනයක් පෝෂණය කිරීම සහ වඩාත් සාධාරණ අනාගතයක් ඉදිරියට ගෙන යාම සඳහා අපි කැපවී සිටින්නෙමු."
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ අධ්යක්ෂ මණ්ඩල නායකත්වයේ ධනාත්මක ප්‍රගතියක් දක්නට ලැබුණද, කාන්තාවන් රැකියාවලට සම්බන්ධ වීම වළක්වන ප්‍රධාන බාධක ඉවත් කිරීම සඳහා ව්‍යාපාර සහයෝගීතාව දැක්විම සහ ඊට කැපවීම මෙකී ප්‍රගතියට අවශ්‍ය කරන්නකි. සමාන වැටුප් සහතික කිරීම, ළමා සුරැකුම් ප්‍රවේශය පුළුල් කිරීම සහ ගෞරවනීය සේවා ස්ථාන ස්ථාපිත කිරීම මීට ඇතුළත් වේ.
“ශ්‍රී ලංකාව කාන්තාවන්ගේ අධ්යක්ෂ මණ්ඩල නායකත්වයේ ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇත. නමුත් කාන්තාවන් සැබවින්ම බලගැන්වීම සඳහා, සියලුම ව්‍යාපාරික ක්ෂේත්‍ර හරහා නායකත්ව භූමිකාවන් කරා ඔවුන් ළඟා කරවීම සඳහා අපි ප්‍රමුඛත්වය ලබා දිය යුතුය.” ලෝක බැංකුවේ සහ IFC මෙරට කළමනාකරු ගෙවෝර්ග් සර්ග්ස්යාන් (Gevorg Sargsyan) පැවසීය. “ව්‍යාපාර කටයුතු කාන්තාවන් ආර්ථික වශයෙන් බලගන්වන අතර ඔවුන්ගේ අයිතිවාසිකම්වලට සම්පූර්ණයෙන්ම ගරු කරමින්, සමාජ ප්‍රගතිය පෝෂණය කරමින්, මෙහෙයුම් ශක්තිමත් කරමින්, වඩාත් ශක්තිමත් ප්‍රජාවන් ගොඩනංවමින් සැලකිය යුතු බලපෑමක් ඒ හරහා ඇති කරයි. මෙම තීරණාත්මක පියවර මඟින් කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි අවකාශයන් වෙත ප්‍රවේශය තිබෙන බව සහතික කෙරෙන අතර එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වේ.”
AIA ශ්‍රී ලංකා අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර සිය ප්‍රධාන දේශනය පවත්වමින් මෙසේ පැවසුවාය: “ප්‍රගතිය හඳුනා ගැනීමට, අප ගෙන ඇති පියවර ගැන තෘප්තිමත් වීමට සහ අප විසින් අඛණ්ඩව නිර්මාණය කරනු ලබන ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටීමට කාලය එළඹ ඇත. ශ්‍රම බලකායේ කාන්තාවන් 32%ක් පමණක් සිටින බව කෙරෙහි අවධානය කරනු වෙනුවට, ආර්ථික වර්ධනය ඇති කර ගැනීමට සහ ඉදිරියට ගෙන යාමට කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා අප අපේක්ෂා කරන ප්‍රතිශත අගයන් සම්බන්ධයෙන් තීරණාත්මක ඉලක්ක සහ ක්‍රියාමාර්ග ගැනීමට කාලය උදාවී ඇත.” ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: “පසුගිය වසර තුළ, අපි අපගේ ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය 46%ක් දක්වා ඉහළ නංවා ඇති අතර, අපගේ අලෙවිකරන කණ්ඩායම තුළ, අරමුදල් කළමනාකරන ප්‍රජාව තුළ, කාන්තාවෝ 51%ක් පමණ නියෝජනය කරති. විශේෂයෙන් අපගේ ඉහළ කාර්යසාධනයක් සහිත ඉහළම අරමුදල් කළමනාකරුවන් 100 දෙනාගෙන් 43%ක් කාන්තාවෝ වෙති. අප විශ්වාස කරන අන්දමට නොපසුබස්නා උත්සාහයන් සහ උපායමාර්ගික මුලපිරීම් මගින් බාධක ඉවත් කර ජය ගත හැකි බව අපි විශ්වාස කරමු. කාන්තාවන් හට සමාන අවස්ථා ලබා දීම තුලින් ඔවුන්හට හැකියාවන් භාවිත කිරීම සඳහා නොපසුබට උත්සාහයෙන් සිටීමට ඉඩ සලස්වයි.”
මෙම වසරේ ජාත්‍යන්තර කාන්තා දින තේමාව වන “සියලුම කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා: අයිතිවාසිකම්. සමානාත්මතාව. බලගැන්වීම” මඟින් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට නායකත්වය ලබා දීමට සහ නවෝත්පාදනය ඇති කිරීමට අවස්ථා උදා කිරීමට ක්‍රියාමාර්ග ගැනීම පිළිඹිබු වේ. ව්‍යාපාර සහ ආර්ථික සංවර්ධනය සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි කිරීම සඳහා පුද්ගලික අංශය පෙළගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා සමාගම්, ආයෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සම්බන්ධ කිරීමට උපකාර කිරීමෙන් කොටස් හුවමාරු අද්විතීය කාර්යයක් ඉටු කරයි.
ගෝලීය හවුල්කාරිත්වයක් වන ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සංකේතමත් කිරීම සඳහා වන සීනුව නාද කිරීම -IFC, එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තය, UN SSE, UN Women සහ ලෝක හුවමාරු සම්මේලනය ඇතුළත් ගෝලීය හවුල්කාරිත්වයක් - තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ජීවත්විය සුදුසු ග්‍රහලෝකයක දරිද්‍රතාවයෙන් තොර ලෝකයක් නිර්මාණය කිරීමට සියලු ජනතාවගේ පූර්ණ හා සමාන සහභාගීත්වය වෙනුවෙන් පෙනී සිටී.
Video Story