ikman.lk ඩයලොග් Genie සමඟ පාරිභෝගික ගෙවීම් පහසුකම් වැඩි දියුණු කරයි

    August, 28, 2019

    ශ‍්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළඳපොල වන ikman.lk, අතිශය ජනප‍්‍රිය ජංගම ගෙවීම් ඇප් පහසුකම් වන ඩයලොග් Genie App ගෙවීම් ක‍්‍රමවේදය සමඟ එක් වූ බව ප‍්‍රකාශයට පත් කර ඇති අතර, පවතින අන්තර්ජාල ගෙවීම් විකල්පයන් තවදුරටත් එම`ගින් වැඩි දියුණු කරයි.

    සියළුම ikman.lk පාරිභෝගිකයින්ට, දැන් සිය ස්මාර්ට් දුරකථන වල ස්ථාපනය කර ඇති ඩයලොග් Genie App  පහසුකම භාවිත කර  ikman.lk සියලූම වර්ගීකරණයන්ට ගෙවීම් සිදු කල හැකිය.

    ඩයලොග් Genie  ඩිජිටල් මුදල් පසුම්බියක් ලෙස ක‍්‍රියා කරන බැවින් බාධාවකින් තොරව ගෙවීම් සිදු කළ හැකිය. මෙම සම්බන්ධතාවයත් සමග ikman.lk ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සහ විසඳුමක් ලබා දෙයි.

    Genie  යනු ශ‍්‍රී ලංකාවේ පළමු සහ එකම ඡුක්‍ෂ-ෘීී සහතික ලත් ජංගම ගෙවීම් යෙදුම වන අතර එම`ගින්  වීසා/මාස්ටර් කාඞ්පත් හිමියන්ට ඔවුන්ගේ ගනුදෙනු වල ආරක්ෂිතව බව සහතික කරනු ලබයි.

    ikman.lk ගනුදෙනුකරුවන්ට දැන් Genie හි ‘‘ස්කෑන් ඇන්ඞ් පේ’’ විකල්පය භාවිතා කළ හැකි අතර භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ඔවුන්ගේ කාඞ්පත් විස්තර අතින් ඇතුළත් කිරීමට අවශ්‍යතාවයක් ඇති නොවෙයි.

    මෙම සම්බන්ධතාවය අනුව ඩයලොග් ඨැබසැ හරහා සිදු කරනු ලබන  සනප්බගකන ගෙවීම් සඳහා සනප්බගකන විසින් ආකර්ෂණීය 15% වට්ටමක් ලබා දෙයි.

    ඒ අනුව ජුලි 18 සිට ජූලි 31 දක්වා මසක ප‍්‍රවර්ධන කාල සීමාව තුළ ඩයලොග් ඨැබසැ හරහා ගෙවීම් සිදු කිරීමේදී සියළුම සනප්බගකන පාරිභෝගිකයින් වෙත මෙම වට්ටම හිමි වන අතර සියලූම සනප්බගකන නිෂ්පාදන සහ සේවා කාණ්ඩ සඳහා 15% වට්ටමක් සඳහා හිමිවන උපරිම වටිනාකම රු 500 කි.

    ikman.lk  වෙළඳපොළ අධ්‍යක්ෂක ෂබීර් දීන් මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. ”වේගයෙන් වෙනස් වන හා තරඟකාරී විද්‍යුත්  වාණිජ්‍ය ලෝකයේ පාරිභෝගික පහසුකම් වැඩිදියුණු කරමින් බාධාවකින් තොරව ගෙවීම් කටයුතු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බව සනප්බගකන අප විශ්වාස කරනවා. වසර හතකට වැඩි කාලයක් තිස්සේ, ikman.lk  අන්තර්ජාල වෙළඳපොල දියුණු පරිවර්තනයන් සිදු කර ඇති අතර හොඳම තේරීම, වඩාත්ම වැදගත් සහ ගුණාත්මක මිලදී ගැනීමේ සහ විකිණීමේ ප‍්‍රවේශයන් ස්ථාපනය කර ඇත. ikman.lk  සිය පාරිභෝගිකන් සඳහා සැලකිය යුතු ප‍්‍රතිලාභ සහ කාර්යක්ෂමතාවයන් ඉහළ නැංවීමේ අරමුණින් එහි අනාගත උපාය මාර්ගයන්ගේ කොටසක් ලෙස ඩයලොග් Genie සබන්දතාවයත් සමඟ ගෙවීම් හැකියාවන් අඛණ්ඩව දියුණු කර ඇත.’’

    එලෙසම Visa, Master and Amex, UPay and FriMi, කාඞ් පත් හරහා සිදු කෙරෙන ගෙවීම්, කාගිල්ස් ෆුඞ් සිටි සුපර් මාකට් අලෙවිසැල් හරහා ගෙවීම් සහ දිවයින පුරා කාගිල්ස් බැංකු ශාඛා හරහා ගෙවීම් ගනුදෙනු කිරීමේදී අසමසම පහසුවක් ලබා දීමට ikman.lk කැපවී සිටින අතර ඉක්මන් ගෙවීම්  පහසුකම් රාශියක් ikman Pay විසින් ලබා දෙයි.මෙම ගෙවීම් පහසුකම් සියල්ලම පහසු සහ ආරක්ෂිත බව සහතික කරයි. 

    ikman ජංගම ඇප් ප‍්‍රවේශය හරහා ගෙවීම් ද සැකසිය හැකිය. නමුත් ඒ සදහා ගනුදෙනුකරුවන් ඩයලොග් Genie භාවිතා කරන්නන් ලෙස ලියාපදිංචි විය යුතුය.

    Dialog Axiata  පුද්ගලික සමාගමේ ප‍්‍රධාන ඩිජිටල් සේවා නිලධාරී ආචාර්ය නුෂාද් පෙරේරා මහතා මෙම ikman සහ ඩයලොග් Genie සම්බන්දතාවය පිළිබඳව මෙසේ සඳහන් කළේය. ‘‘අන්තර්ජාල වෙළඳපොල තුළ ඩිජිටල් ගෙවීම් පරිසර පද්ධතියේ ශක්තිමත් අඩිතාලමක් ලෙස ikman.lk  සමඟ ඩයලොග් Genie සම්බන්ධතාවය පේන්වා දිය හැකියි. මුදල් භාවිතයෙන් තොරව ගනුදෙනු කිරීමට වැඩි වැඩියෙන් කැමති අපගේ ගනුදෙනුකරුවන් සඳහා මෙම ගෙවීම් ක‍්‍රියාවලිය පහසුවක්. ඔවුන්ට ඩයලොග් Genie  ඩිජිටල් පසුම්බිය භාවිතා කිරීමෙන්  ikman.lk  හි කරදරයකින් තොරව ගනුදෙනු කිරීමට හැකියාව තිබෙනවා.’’