IMF ගියත් වැඩක් නැහැ. කෙටිකාලීන විසඳුමක් නැහැ – චම්පික රණවක

    January, 6, 2022

    අද වන විට ශ්‍රී ලංකාව මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත ගිය ද පවතින තත්ත්වය තුළ ඉන් ඵලක් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    ඊයේ (05) දින කොළඹ දී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

    IMF එකේ වැඩපිළිවෙලට ඇතුළු වුණාම තවත් දේවල් කරන්න ආණ්ඩුවට සිද්ධ වෙනවා. රුපියල අවප්‍රමාණය කිරීම වගේ කාරණා.

    IMF එක ගාවගන්නවා නම් මොහොතක්වත් ආණ්ඩුවේ ඉන්නේ නැහැ කියපු බොරු වාමාංශිකයන්ගෙන් තමයි දැන් උත්තර ගන්න වෙන්නේ.

    IMF එකට ගියත් අද මේ තියෙන තත්ත්වෙ හැටියට විසඳුමක් නැහැ. IMF එකට ගියත් වසර 3ක් අපට මේ ප්‍රශ්නයේ දී දුක් විඳින්න වෙනවා. කෙටිකාලීන විසඳුමක් නැහැ.

    IMF එකට යන්න දැන් පරක්කු වැඩියි.