IMF ගිවිසුම සංශෝධනය කළ හැකිද?

    September, 27, 2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ගිවිසුමේ කරුණු කාරණා සම්බන්ධයෙන් යළි සලකා බැලීමක් සිදුවිය යුත්තේ එහි අවසාන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ හැකියාව මත බව, IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පවසයි. අද (27) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් බෘෘවර් මහතා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් මහතා,

    “ගිවිසුම යළි සලකා බැලීම හෝ යළි සාකච්ඡාවට ගැනීම, ප්‍රතිපත්තිමය වශයෙන් කළ හැකි දෙයක්. එය භාරදූර කටයුත්තක්. අපි තහවුරු කර ගත යුතු කාරණය තමයි, වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගත හැකි බව. එය වෙන්න පුළුවන් දෙයක්. වැඩසටහන අතරතුර එකම අරමුණ විවිධ මාර්ග ඔස්සේ සපුරා ගැනීම සඳහා විවිධ සුළු සුළු වෙනස්කම් සිදුකෙරෙන්න පුළුවන්. මෙය ගතික වැඩසටහනක්. එය ඕනෑම අවස්ථාවක කළ හැකියි.