March, 21, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය ලබාදීමට විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) බිලියන 2.286 ක් (එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක් පමණ) අනුමත කරන ලදී.
මෙලෙස ජාත්‍යන්තර අරමුදල විසින් ලබා දුන් විශේෂ ගැනුම් හිමිකම් මොනවාද? මේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමකි.
Special Drawing Rights ලෙසින් හඳුන්වනු ලබන මේ සඳහා භාවිතයේ දී SDR යන කෙටිනාමය භාවිත කරනු ලබයි.
Special drawing rights, එනම් විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) වශයෙන් හඳුන්වනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්මාණය කරන ලද සංචිත වත්කමකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සියලු ගනුදෙනු සිදුවන්නේ මෙම විශේෂ ගැනුම් හිමිකම් පදනම් කර ගනිමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම වත්කම් විශේෂය හඳුන්වා දෙනු ලැබුවේ ජාත්‍යන්තර ද්‍රවශීලතා සැපයුමේ නම්‍යතාවක් ඇති කරවමින් විනිමය අනුපාතිකයන්හි ස්ථාවරත්වයක් ඇති කිරීමේ අරමුණිනි.
එවකට පැවති රන් හා ඇමරිකානු ඩොලර් ජාත්‍යන්තර ද්‍රවශීලතා මාධ්‍යයක් වශයෙන් එතරම් කාර්යක්ෂම නොවීම මේ සඳහා හේතු පාදක විය. ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් වශයෙන් හඳුන්වන්නේ මෙම ජාත්‍යන්තර සංචිත මාධ්‍යයයි.
මේවා කිසියම් ව්‍යවහාර මුදල් වර්ගයක් නොවන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටවල ව්‍යවහාර මුදල් වෙනුවට හුවමාරු කර ගත හැකි ද්‍රවශීලතා මාධ්‍යයකි.
ආරම්භයේ දී විශේෂ ගැනුම් හිමිකම් ඒකකයක වටිනාකම ඇමරිකානු ඩොලරයට සමාන වන පරිදි තීරණය කළ ද පසුකාලීනව ඩොලරයේ අගය උච්ඡාවචනය වීම හේතුවෙන් ප්‍රධන මුදල් වර්ග කිහිපයක බර තබන ලද මධ්‍යන්‍ය අගයකට අනුව ගණනය කරනු ලබයි.
ඒ අනුව වර්තමානයේ දී ඇමරිකානු ඩොලරය, යූරෝ මුදල් ඒකකය, ජපන් යෙන් හා බ්‍රිතාන්‍ය පවුම් යන මුදල් ඒකකයන් හි බර තබන ලද අගය මත අදාළ ගණනය කිරීම් සිදු කරයි.
Video Story