March, 11, 2016
ශ්‍රී ලංකාව සමග ඩොලර් මිලියන 700 ක විනිමය හුවමාරුවක් (Swap) කිරීමට ඉන්දීය කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉහළ නැංවීමේ අරමුණින් ඉන්දියාව විසින් මෙම සහාය ලබා දීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන මූල්‍ය පහසුකම ලැබන තෙක් හෝ ඉදිරි මාස 03 ක කාලයක් පුරාවට මෙම විනිමය හුවමාරුව සිදුකිරීමට ඉන්දියානු රජය කැමැත්ත පළ කොට තිබේ.
දැනට පැවති ඩොලර් බිලියන 1.1 ක හුවමාරුව පසුගිය මාර්තු 03 වෙනිදායින් අවසන් වී තිබෙන අතර එය මාර්තු 08 වැනිදා දීර්ඝ කිරීමේ ආවරණිත අනුමැතියක් ද ලබා දීමට ඉන්දීය කැබිනට් මණ්ඩලය මෙහිදී පියවර ගෙන තිබේ.
Video Story