April, 30, 2025
ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කළ ඇති ප්‍රකාශය පැහැදිලි කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසන්නේ මේ වන විටත් ලංකාව ඒ සඳහා එකඟ වී කටයුතු කරමින් සිටින බවයි.
එම එකඟ වීමට අනුව කාර්තුමය වශයෙන් සිදුවන විදුලි බිල ගැලපීම් තුළ ඇති වූ ගැටලුවක් නිසා මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි බිල ගැලපීම සිදු කිරීමට නොහැකි වූ බවත් එලබෙන ජූනි මාසය වන විට මෙය නිවැරදි කිරීමට කටයුතු කරන අතර ඒ සම්බන්ධව මේ වන විටත් IMF සමඟ එකඟතාවයට පැමිණ ඇති බවත් ඔහු පවසා සිටියේය.
"විදුලි බිල ගණනය විය යුත්තේ පිරිවැය ආවරණය කර ගැනීමට. ඒක තමයි structural benchmark එක. අපි ඒකට එකඟ වෙලා තියෙන්නේ. ඒකට formula එකක් හදලා තියෙන්නේ. ඒ formula එකේ දී electricity ජනනය වෙන්නේ මූලාශ්‍ර ගණනාවකින් නිසා ඒ වගේම ඒ මූලාශ්‍ර වල විදුලි බිල ගණනය කිරීමේ පිරිවැය ඉදිරියේ දී සහ පවතින කාලගුණ තත්ත්වයන් මත වෙනස් වන නිසා ඒ formula එක තියෙන්නේ ඇස්තමේන්තු කරන ලද කාලපරිච්ඡේදයක ජනනය කරන ආකාරයත් ඊට පසුව තිබිච්ච ලාභත් ගලපලා හදන්න ඕන එකක්. එතකොට අපි මේ මූලික structural benchmark එකට එකඟයි. ගැටලුවක් මේක ඇතුලේ කියන්නේ නැහැ. හැබැයි ඒ ගැලපීම කරලා මිල සංශෝධනය කිරීමට අපි කියනවා continuance structural benchmark එකක් කියලා. දැන් අපි formula එකට එකඟ වෙනවා. ඒ formula එකට අනුව කොහොම ද continue වෙන්නේ මේක. අඛණ්ඩව යන්නේ. අඛණ්ඩතාවය මෙතන තියෙන්නේ quarter, කාර්තුමය වශයෙන්. එතකොට කාර්තුමය වශයෙන් තමයි විදුලි බිල ගැලපීම් සිදු කළ යුතු වන්නේ. කාර්තුමය වශයෙන් ගැලපීම් සිදු කරපුවම මේ formula එකේ තියනවා දත්ත ගන්න ඕන මාස 6කට. මේක ඇත්තටම කාර්තුමය වශයෙන්ට වඩා අවුරුද්දකට වගේ ගියානම් හොදයි. විදුලි බිල වගේ දෙයක් මාස් පතා වෙනස් කරන්න ගත්තොත් quarterly වෙනස් කරන්න ගත්තොත් නිෂ්පාදන කාර්යයට සෘජුවම සම්බන්ධ වෙන නිසා ඒ දත්ත වල එහා මෙහා වීම්, නිෂ්පාදන පිරිවැය වෙනස් වීමකුත් වෙන්න පුළුවන්. නමුත් දැන් අපි මේ structural benchmark එක ඇතුලේ ඉන්නේ. ඒ නිසා quarterly යන්න වෙනවා. අපි පැහැදිලි කළා ගිය වතාවෙදි මූලික සාකච්ඡාවේ දී මේ quarterly යන එකේ ගැටලුවක් වෙලා තියනවා. ඒකට දැන් එකඟ වෙලා තියනවා, අපි කරමු පසුගිය අවසානයේ ජනවාරි මාසයේ සිද්ධ කරපු 20%ක අඩු කිරීමට පස්සේ ඊලඟ quarter එක ඊලඟ කාර්තුව වෙන්නේ ඊලඟ අප්‍රේල් වල හැබැයි ඒ කාර්තුවට අදාල දත්ත ටික විදුලි බල මණ්ඩලෙන් මහජන උපයෝගිතා කොම්සමට ලබා දුනන්ට පස්සේ ඒ පුරෝකතනයක් විදිහට පැහැදිලි කර ගැනීම් ඒවට විගණනයන්ට යන්න ඕන. මොකද මහජන උපයෝගිතා කොමිසම කියන්නේ ස්වාධීනයි. එතකොට ඒගොල්ලෝ සාකච්ඡා කරලා විදුලිබල මණ්ඩලයත් එක්ක බලලා අප්‍රේල් මාසයේ දී එකඟතාව වෙනස් කර ගැනීමට බැරි වීම තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ cost reflective එක එහෙම නැත්තන් ගිය පිරිවැය ආවරණය කරගන්නේ නැහැ කියන එක. මේ තියෙන්නේ දත්ත සාකච් කරලා එකඟතාවයකට එන්න බැරි වෙච්ච නිසා ඒ කාරණය අපි IMF එකට කිව්වා. යම් කාලයක් ලබා දෙන්න ඊලඟ quarter එක වෙද්දි ඒ කියන්නේ ජූනි මාසයේ දී මේක අනිවාර්යෙන්ම යම් අර උපකල්පන වල ගැටලුවක් තියනවනම් ඒවත් විසඳගෙන නිසි පරිදි ඉදිරියට යමු කියලා. ඉතින් ඒ එකඟතාවයට ඒගොල්ලොත් ආවා. ඒ අනුව මේ වාර්තාවේ ලියලා තියෙන්නේ cost reflective එක not yet කියලා තියෙන්නේ අප්‍රේල් මාසයේ ඒක නොකරපු එක. එහෙම නැතුව පිරිවැය ආවරණය කරලා නැහැ කියන එක නෙවෙයි. ඒක වැරදි විදිහට තමයි සමාජගත වුනේ."
Video Story