May, 16, 2017
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) දකුණු ආසියානු කලාපීය පුහුණු හා තාක්ෂණික සහාය මධ්‍යස්ථානය 2016 වසරේදී ඉන්දියාවේ, නවදිල්ලි නුවර ස්ථාපනය කරනු ලැබ තිබේ.
මෙම පුහුණු මධ්‍යස්ථානය මඟින් ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රාජ්‍යයන් 6ක ප්‍රතිපත්ති සම්පාදකයින් හා රාජ්‍ය ආයතන වෙත සාර්ව ආර්ථික හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, මූල්‍ය මෙහෙයුම්, මූල්‍ය ආංශික නියාමනය හා අධීක්ෂණය සහ සාර්ව ආර්ථික සංඛ්‍යානය ආදී ක්ෂේත්‍රයන්හි පුළුල් පරාසයක ශිල්පීය ආධාර ලබා දෙනු ලැබේ.
ශ්‍රී ලාංකික නිලධාරින් සඳහා එම මධ්‍යස්ථානය මඟින් පුහුණු අවස්ථා ලබාගැනීමට හැකි වන පරිදි අදාළ එකඟතාවන්ට එළඹීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Video Story