IMF දූත මණ්ඩල ප්‍රධානියා ජනපති හමුවෙයි

    April, 2, 2026

    ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම වැඩසටහනේ පස්වන සහ සයවන සමාලෝචනයන්හි වත්මන් ප්රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) ශ්රී ලංකා මෙහෙයුම් ප්රධානී Evan Papageorgiou මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායම අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ.
    ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, ආදායම් කළමනාකරණය සහ විදේශීය සංචිත ගොඩනඟා ගනිමින්, කම්පනවලට ඔරොත්තු දිය හැකි මට්ටමේ ආර්ථිකයක් මේ වන විට ශ්රී ලංකාව තුළ නිර්මාණය වී තිබීම මෙහිදී ඇගයීමට ලක් වී ඇති අතර, එම ආර්ථික ස්ථායිතාව අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
    බාහිර අභියෝගයක් වූ මැදපෙරදිග යුදමය තත්ත්වයෙන් ශ්රී ලංකාවට සිදු වන බලපෑම නොවැළැක්විය හැකි වුවත්, එය නිසි පරිදි කළමනාකරණය කර ගනිමින්, ඉන්ධන මිලට සහ බලශක්ති සැපයුමට එල්ල වී ඇති බලපෑම හමුවේ ඉලක්කගත කණ්ඩායම් වෙත අවශ්ය සහන සැලසීම පිළිබඳව රජයේ ප්රමුඛ අවධානය යොමු වී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී මූල්‍ය අරමුදලේ කණ්ඩායම වෙත පෙන්වා දී තිබේ.