IMF ප්‍රධානියා දිවයිනට

    February, 16, 2026

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය අද (16) පස්වරුවේ මෙරටට පැමිණියාය.

    තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇය පෙබරවාරි 18 දක්වා මෙරට රැඳී සිටිනු ඇත.

    මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියගේ ශ්‍රී ලංකා සංචාරය තුළ රජයේ ප්‍රධාන බලධාරීන් හා පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත අතර දිටවා සුළි කුණාටුවෙන් වූ හානි නිරීක්ෂණයට හා ආපදාවට ලක්වූවන් හමුවීමට ද නියමිතය.