IMF ප්‍රධානියා ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක

    January, 29, 2026

    ‍ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය එළඹෙන පෙබරවාරි මාසයේ දී මෙරට සංචාරයක නිරත වීමට නියමිත බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි.

    ඊයේ (28) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවති හමුවක දී ඒ මහතා මේ බව පවසා තිබේ.

    "අපගේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලබන මාසයේ කොළඹට පැමිණෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර අරමුදලේ වැඩසටහනේ සාර්ථකත්වය සමාලෝචනය කිරීමත්, ශ්‍රී ලංකාව වෙත අපගේ සහාය ප්‍රකාශ කිරීමත් අරමුණු කර ගනිමින් ඇයගේ මෙම සංචාරය සිදුකෙරෙනවා" යනුවෙන් ඔහු සඳහන් කළේය.