February, 14, 2026
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය එළඹෙන සඳුදා (16) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඇය පෙබරවාරි 16 සිට 18 දක්වා කාලය තුළ මෙරට රැඳී සිටිනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකාවක මේ බව තහවුරු කළාය.
මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියගේ ශ්‍රී ලංකා සංචාරය තුළ රජයේ ප්‍රධාන බලධාරීන් හා පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත අතර දිටවා සුළි කුණාටුවෙන් වූ හානි නිරීක්ෂණයට හා ආපදාවට ලක්වූවන් හමුවීමට ද නියමිතය.