IMF වැඩසටහනෙහි තුන්වන සමාලෝචනය සඳහා වූ මාණ්ඩලික මට්ටමේ එකඟතාවය ලංකා වාණිජ මණ්ඩලය සාදරයෙන් පිළිගනී

    November, 26, 2024

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව වෙත පිරිනමන ලද විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය ප්‍රකාශයට පත් කිරීම ලංකා වාණිජ මණ්ඩලය සාදරයෙන් පිළිගනී. ආර්ථික ප්‍රකෘතිමත් වෙමින් පවතින මෙම තීරණාත්මක කාලපරිච්ඡේදය තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී සහ මූල්‍ය තිරසාරභාවය ළඟා කර ගැනීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මෙම ගිවිසුම මගින් අවධාරණය කර ඇත.

    ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා ආර්ථිකය ලබා ඇති ප්‍රගතිය පිළිගන්නා අතර, දිගු කාලින තිරසාර වර්ධනයක් සඳහා වන ප්‍රධාන බාධාවන් ජයගනිමින් ආර්ථික ප්‍රතිසංස්කරණයන්හි ගම්‍යතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමෙහි වැදගත්කම අවධාරණය කරයි. අරමුදල් වැඩසටහනෙහි මීළඟ වාරිකය ලබාගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අධ්‍යක්ෂ මණ්ඩල එකගතාවය ලබා ගැනීම සඳහා වන අවශ්‍යතාවයන් රජය විසින් සපුරාලනු ඇතැයි ලංකා වාණිජ මණ්ඩලය අපේක්ෂා කරයි