IMF සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අත්සන් තැබීම 23 වනදා

    November, 21, 2024

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන තුන්වන සමාලෝචනයට අදාල කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම මෙම මස 23 වනදා සිඳු කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා අද (21) පවසා සිටියේය.

    ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ එළිදක්වමින් ඔහු මේ බව පවසා සිටියේය.

    "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි අපි මේ ආර්ථිකය හසුරුවන්න සූදානම් බව. ඒ අනුව දැනට අපි ක්‍රියාමාර්ග කිහිපයක නිරත වෙමින් සිටිනවා. අපි කවුරුත් දන්නවා එහි තුන්වන සමාලෝචනය ප්‍රමාද වී තිබෙනවා. තුන්වන සමාලෝචනය අපි ආරම්භ කර යුතුව තිබුනේ සැප්තැම්බර් මාසයේ. නමුත් ජනාධිපතිවරනය සහ මහ මැතිවරණය හේතු කොට ගෙන තුන්වන සමාලෝචනය ආරම්භ කිරීම සඳහා අපිට කාලයක් ගත වුණා. මහ මැතිවරණය අවසන් වූ වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය පසුගිය 17 වනදා ලංකාවට ආවා. අපි ඔවුන් එක්ක දීර්ඝ ලෙස සාකච්චා කරමින් තිබෙනවා. අපි හිතනවා මේ සතිය ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක්, ගිවිසුමක් අපිට මේ 23 වනදා අත්සන් කරගත හැකි වේවි කියලා. සිකුරාදාට. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඉදිරියට යන ගමනේ ඉතාමත් තීරණාත්මක පියවරක්."