August, 13, 2025
Havelock City Mall, කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ස්වාමි විවේකානන්ද ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ එක්ව, ඉන්දියානු නිදහස් දිනය සමරමින් India fest 2025 නමින් විචිත්‍රවත් සංස්කෘතික උළෙලක් පවත්වයි. 2025 අගෝස්තු 15 සිට 17දක්වා තෙදිනක් පුරා, පෙරවරු 10:00 සිට රාත්‍රී 10:00 දක්වා, Havelock City Mall බිම් මහලේ දී, ඉන්දියානු සංස්කෘතියේ ආකර්ෂණීය අත්දැකීමක් ලබා ගැනීමට හැකිය.
India fest 2025 උළෙල අගෝස්තු 15 වන දින පෙරවරු 11:00ට, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස ආරම්භ වේ.
මෙම විචිත්‍රවත් උළෙල, ඉන්දීය විදේශිකයන් සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව, දේශීය පාරිභෝගීකයන්, තරුණ තරුණියන්, ඉන්දීය ආහාර සහ විලාසිතා ලෝලීන් ඇතුළු විවිධ පිරිස් ආකර්ෂණය කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
India fest 2025 උළෙල හරහා Havelock City Mall ඉන්දීය සංස්කෘතික විවිධත්වය අත්විදීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වනු ඇති අතර, එහිදී විවිධ අත්දැකීම් රැසක් විඳිය හැකිය.
මෙම උත්සවය ඉන්දියානු සංස්කෘතියේ ආකර්ෂණය විඳිමට අපූරු අවස්ථාවකි. ඔබත් Havelock City Mall,වෙත පැමිණ India fest 2025 උළෙලේ අත්දැකීම අත්විඳින්න!
Video Story