September, 18, 2025
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් සංවිධානය කරනු ලබන "Industry Expo 2025" වසරේ දැවැන්තම කර්මාන්ත ප්‍රදර්ශනය අද (18) ආරම්භ කෙරේ.
ඒ අනුව මෙහි සමාරම්භක උත්සවය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද උදෑසන BMICH හිදී පැවැත් වුණි.
කර්මාන්ත ක්ෂේත්‍ර 25ම නියෝජනය වන පරිදි ලංකාව පුරා කර්මාන්තකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රදර්ශන කුටි 450කින් සමන්විත මෙම ප්‍රදර්ශනය පාසල්, විශ්ව විද්‍යාල, රාජ්‍ය හා පෞද්ගලික අංශ මඟින් ඉදිරිපත් කරනු ලබන නවෝත්පාදන කලාපයකින් (Innovation Arena), පාසල් ව්‍යවසායකත්ව කව වැඩසටහන යටතේ පාසල් සිසුන්ගේ නිශ්පාදන රැගත් ප්‍රදර්ශන කුටි, ඉංජිනේරු හා පර්යේෂණ සේවා කුටි (NERD), කර්මාන්ත සඳහා සහාය වන සියළුම රාජ්‍ය ආයතන සහ බැංකු ආයතව එක්ව සංවිධානය කරන එකම වහලක් යටදී ලබාදෙන "One Stop Service" කුටියකින් සමන්විතයි.
ඒ අනුව ප්‍රදර්ශනය සැප්තැම්බර් 21 දක්වා දින හතරක් පුරා පැවැත්වෙනු ඇති.

Video Story