April, 30, 2020
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති සැපයුම්කරු වන INSEE සමාගම, කොවිඩ්-19 වසංගතයට එරෙහිව ශක්තිමත් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා විශිෂ්ට දායකත්වයක් පසුගියදා සපයනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම සිමෙන්ති සන්නාමය වන ‘INSEE සංස්ථා’ සිමෙන්ති, පුත්තලම ඉරණවිල ප්‍රදේශයේ නවතම කොවිඩ්-19 කළමනාකරණ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වටිනා සම්පත් සැපයීමට පියවර ගත්තේය.
මෙම කළමනාකරණ මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ වූයේ කොවිඩ්-19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස එය පවත්වාගෙන යාම හා එම රෝගය වැළඳී ඇතැයි සැකකරන රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රධාන රෝහල්වල ධාරිතාව පුළුල් කිරීම වේ. ඊට අමතරව කොවිඩ්-19 සටනේ තවත් එක් පියවරක් වශයෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) සීටී ස්කෑන් යන්ත්‍රය පිහිටි ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු සංගමය දියත්කළ පරිත්‍යාගශීලී වැඩසටහනට ද දායක වෙමින් එම ගොඩනැගිල්ල සඳහා ‘සංස්ථා’ සිමෙන්ති පරිත්‍යාග කිරීමට ද INSEE සමාගම කටයුතු කළේය.
බරපතල අභියෝගයක් බවට පත්ව ඇති මුඛ ආවරණ වැනි පුද්ගලික ආරක්ෂක උපකරණවල හිඟය අවබෝධ කරගත් INSEE සමාගම, මුඛ ආවරණ 12,000 කට අධික ප්‍රමාණයක් සහ තවත් අත්‍යවශ්‍ය ලිපිද්‍රව්‍ය තොගයක් ද කොවිඩ්-19 සටන් පෙරමුණේ සිටින පිරිස් වෙත ලබා දී ඇත. මහජනතාවත් රටත් ආරක්ෂා කිරීම වෙනුවෙන් කොවිඩ්-19 ට එරෙහිව රාජකාරියේ යෙදී සිටින ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට සහ සෞඛ්‍ය සේවකයින්ට සහාය වීම එම පරිත්‍යාගයන්ගේ අරමුණ විය.
“මෙම වසංගතය පෙර නොවූ විරූ ගෝලීය අර්බුදයක් බවට පත්ව තිබෙනවා. ඊට එරෙහි දේශීය සටනට සෑම පුරවැසියෙකුගේ ම සහාය අත්‍යවශ්‍යයි. වගකීම් සහගත සමාගමක් ලෙස, INSEE සමාගම ද මේ මොහොතේදී අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා අපගේ සම්පත් යොදාගැනීමේ වැදගත්කම සහ අපගේ විශේෂඥතා හා හැකියාවන් යොදාගැනීමේ වැදගත්කම හඳුනාගෙන සිටිනවා. අපේ රටේ සෞඛ්‍යය, යහපැවැත්ම සහ සමෘද්ධිය ඉතා වැදගත්. ඒ නිසා ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව දායක වීම අපගේ ඉලක්කයයි” යනුවෙන් INSEE Cement Sri Lanka සමාගමේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා පැවසීය.
කොවිඩ්-19 වසංගතය මුළු රටටම බලපා ඇති මොහොතක, දෛනික වැටුපෙන් ජීවිතය ගතකරන පුද්ගලයින් මුහුණ දෙන අර්බුදයේ බරපතලකම ද INSEE සමාගම අවබෝධ කරගෙන සිටී. මෙසේ පුත්තලම සහ ගාල්ල ප්‍රදේශවල වාසය කරන, වසංගතය හේතුවෙන් දැඩි අවදානමට ලක්ව සිටින ජනතාවට ද INSEE සමාගම ආධාර දියත් කර තිබේ. ඒ අනුව පුත්තලමේ INSEE සිමෙන්ති කර්මාන්තශාලාවේ කළමනාකාරීත්වයත්, ආයතනික සමාජ සත්කාර කණ්ඩායමත් පවුල් සිය ගණනක් සඳහා වියළි සලාක සහ ආහාර සැපයුම් බෙදාහැරීමට පියවර ගෙන ඇත. පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාම නිලධාරී සහ මෙම ප්රජාවන්ගේ සුභසාධනය සහතික කිරීම සඳහා පිහිටුවා ඇති INSEE- පුත්තලම් ප්‍රජා උපදේශක කමිටු නියෝජිතයින් හරහා අවශ්‍යතා සහිත පවුල් තෝරාගන්නා ලදී. මේ අතර, INSEE රුහුණු සිමෙන්ති කම්හල් සේවකයින්ගේ මූලිකත්වයෙන් ද විශේෂ වැඩසටහනක් දියත් කෙරුණි. එහිදී ස්වේච්ඡා සේවකයින්, හිටපු INSEE සේවකයින්, ඔවුන්ගේ පවුල් සහ මිතුරන් ස්වේච්ඡාවෙන් එකතු වී අරමුදල් එකතු කර ගාල්ල ප්‍රදේශයේ වෙසෙන දෛනික ආදායම් උපයන පවුල් 140 කට අධික පිරිසකට ආහාර සැපයුම් ලබාදීමට කටයුතු කරනු ලැබීය.
මෙම වටිනා කාර්යයභාරය අගයමින් INSEE Cement Sri Lanka සමාගමේ අලෙවිකරණ, විකුණුම් සහ නවෝත්පාදන විධායක උප සභාපති යාන් කුනික් මහතා මෙසේ පැවසීය. “සංස්ථා සිමෙන්ති යනු ශ්‍රී ලාංකිකයින් සඳහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සන්නාමයක්. එවන් වගකීම් සහගත සිමෙන්ති සන්නාමයක් ලෙස, කොවිඩ්-19 සමඟ සටන් වදින අපගේ සෞඛ්‍ය සේවා, හමුදා සහ පොලිස් වීරයන්ට සහාය වෙමින්, අත්‍යවශ්‍ය සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන ඉදිකිරීමට සහාය වීම අපට ගෞරවයක්. ශක්තිමත් අනාගතයක් සහ ජීවිතයක් ගොඩනැගීමට අපි ඉදිරියටත් කැපවී සිටින්නෙමු.
සේයාරූ සටහන්: පීඩාවට පත් ප්‍රජාවට වියළි සලාක සහ සෞඛ්‍ය අංශ සේවකයින්ට ආරක්ෂිත උපකරණ පිරිනැමීමේ අවස්ථාවේදී INSEE Cement Sri Lanka සමාගමේ අලෙවිකරණ, විකුණුම් සහ නවෝත්පාදන විධායක උප සභාපති යාන් කුනික් මහතා සමඟ ආචාර කරන ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා (වමේ) සහ සහකාර පොලිස් අධිකාරී සචිත්ර වීරසේකර මහතා (මැද) මෙහි සිටී.
Video Story