INSEE සිමෙන්ති 2025 වාර්ෂික වෛද්‍ය කඳවුරු වෙතින් 1,190කට අධික පිරිසකට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පිරිනැමේ

    November, 27, 2025

    INSEE සමාගමේ 2030 තිරසර ඉලක්කවලට සමගාමීව ප්‍රජාව සහ හවුල්කරුවන් යන තේමාව ආවරණය කරමින් විශේෂ වෛද්‍ය කඳවුරු මාලාවක් රුහුණු හා පුත්තලම යන සිමෙන්ති කම්හල්වල සහ අරුවක්කාරු හුණුගල් කැණීම් පරිශ්‍රයේ පවත්වන්නට සමාගම කටයුතු කරන ලදි.

    මෙම වැඩසටහන ගාල්ල, පුත්තලම සහ එළුවන්කුලම අවට වෙසෙන 1,190කට වැඩි පිරිසකට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සපයන ලද අතර, මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන තුළින් ප්‍රජාවගේ යහපැවැත්ම සඳහා INSEE සමාගමේ දිගුකාලීන කැපවීම ද පෙන්නුම් කෙරිණ.

    INSEE සමාගම මෙලෙස වාර්ෂිකව වෛද්‍ය කඳවුරු සංවිධානය කිරීම තුළින් 'ජීවිත ගොඩනැගීම' නම් වූ සමාගමේ දැක්ම යථාර්ථයක් කරන්නට උත්සාහ දරයි. සෞඛ්‍යය සහ යහපැවැත්මට මුල් තැන දෙමින්, INSEE සමාගම ප්‍රජාව සමඟ ඇති සබඳතාව ශක්තිමත් කරන්නටත්, තිරසර ව්‍යාපාර වර්ධනයක් සමඟ සමාජ වගකීම් ඉටු කරන බවටත් මෙය ඉතා හොඳ නිදසුනකි.

    INSEE වෛද්‍ය කඳවුරු මාලාව යනු වගකිවයුතු ආයතනයක් ලෙස INSEE හි කාර්යභාරය ද පෙන්නුම් කරන්නකි. එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන් ආයතනයේ කර්මාන්තශාලා සහ හුණුගල් කැණීම් පරිශ්‍ර අවට ප්‍රදේශවල ප්‍රජාවගේ සෞඛ්‍ය සම්පන්න බව මෙන්ම නිරෝගිමත් ප්‍රජාවන් ගොඩනැගීම සඳහා සමාගමේ කැපවීම ද මේ තුළින් ඉස්මතු කරයි. ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා පහසුකම් ලබා දීම තුළින් ප්‍රජාවගේ ජීවිත වැඩිදියුණු කිරීමටත්, සෞඛ්‍ය අවදානම් අඩු කිරීමට මෙන්ම ප්‍රජා සංවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමටත් INSEE සමාගම මේ තුළින් අපේක්ෂා කරයි.

    මෙම වෛද්‍ය කඳවුරු තුන මඟින් බාහිර රෝගී උපදේශන, ළමා රෝග, අක්ෂි සත්කාර, ප්‍රසව හා නාරිවේදය, ශල්‍ය සත්කාර, පිළිකා පරීක්ෂාව, චර්ම රෝග, වකුගඩු රෝග කළමනාකරණය සහ දන්ත සත්කාර ඇතුළු පුළුල් පරාසයක සේවාවන් රැසක් සපයන ලදී. මෙම ක්ෂේත්‍රවල ප්‍රවීණ වෛද්‍යවරුන් සහ විශේෂඥයින්, INSEE හි මෙම මෙහෙවරට ස්වේච්ඡාවෙන් සේවය ලබා දීම ද විශේෂත්වයකි. මෙම සේවාවන් සඳහා අඩු පහසුකම් සහිත ප්‍රජාවට ඍජුවම සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දෙමින් එම ප්‍රදේශවල සෞඛ්‍ය සේවාවන්ගේ ඇති අඩුව පුරවන්නටත්, ග්‍රාමීය ප්‍රදේශවල පවුල්වලට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් INSEE හි මෙම මෙහෙවර තුළින් අවස්ථාව උදා විය.

    INSEE සේවකයින්ගේ සහ ස්වේච්ඡා සේවකයින්ගේ සහභාගීත්වයෙන් ද, ගාල්ල ආසිරි රෝහල සහ පුත්තලම දිගාසිරි රෝහල් සමඟ සහයෝගයෙන් ද මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. ඔවුන්ගේ සාමූහික උත්සාහයෙන් සෞඛ්‍ය කඳවුරු මාලාව ඉතා සාර්ථකව සංවිධානය වී තිබූ අතර අඛණ්ඩ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමට අසීරු පිරිස් සඳහා මෙය ඉතා වටිනා අවස්ථාවක් ද විය.