August, 12, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව එක්ව සංවිධානය කරන ලද ‘Invest Sri Lanka’ ආයෝජක සමුළුව අද (12) පෙරවරුවේ සිංගප්පූරුවේ දී ආරම්භ විය.
ගෝලීය ආයෝජකයින් වෙත තවදුරටත් සම්බන්ධ වෙමින් ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණු කර ගනිමින් මෙම සමුළුව සංවිධානය විය.
මෙහිදී සැසි කිහිපයක් පැවැත්වුණු අතර කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති මහාචාර්ය එච්. දිසාබණ්ඩාර ඇතුළු පිරිසක් මෙහිදී ප්‍රධාන දේශන ඉදිරිපත් කරන ලදී.
Video Story