IPD Colombo සහ SLIIT අත්වැල් බැඳගනිමින් නවීනතම තාක්ෂණික හැකියාවන්ගෙන් සමන්විත බලශක්ති පර් යේෂණාගාරයක් SLIIT සරසවි පරිශ්‍රෙය් ස්ථාපනය කරයි

    June, 4, 2025

    IPD Colombo සමාගම සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) අතර අත්සන් තැබූ නව ගිවිසුමකට අනුව විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයේ සිසුන්ට ඒම ක්ෂේත්‍රයේ ආයතනයන් විසින් භාවිතා කරනු ලබන නවතම උපාංග පිළිබඳව අවබෝධයක් සහ ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම උදෙසා නව විදුලි බලශක්ති බල පද්ධති පුහුණු පර්යේෂණාගාරයක් පසුගියදා සිසු අයිතියට පැවරිණ.  SLIIT සරසවි ස්ථාපනය කෙරුණු මෙම IPD Power Systems Laboratory බල පද්ධති පුහුණු පර්යේෂණ මධ්‍යස්ථානය හි සමාරම්භය සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ( President & CEO) මහාචාර් ය ලලිත් ගමගේ සහ IPD Colombo සමාගමේ සභාපති මෙහොමඩ් යුසුෆ් යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයින් ලෙස ඒක්ව සිටියාහ.

    මෙම උපායමාර් ගික සහයෝගීතාව IPD Colombo සමාගමේ සන්ධිස්ථානයක් වන අතරම විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයේ වෘත්තිකයින් රටට දායාද කිරීමේ සමාගමේ දිගු කාලීන ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය සපුරා ලීම සඳහා තැබූ දැවැන්ත පියවරක් ද වනු ඇත. මෙහිදී සරසවිය තුළින් ලබන න්‍යායාත්මක දැනුම මෙන්ම ආයතනික වශයෙන් විදුලි බල පද්ධතිය භාවිතයෙහි ප්‍රයෝගික අත්දැකීම් ප්‍රගුණ කිරීමට මෙම නවතම බල පද්ධති පර් යේෂණාගාරය මගින් පහසුකම් සැලසෙනු ඇත.

    2005 වසරේ සිට ක්‍රියාත්මක IPD Colombo සමාගම ඔස්ට්‍රෙලියාව මූලස්ථානය කර ගනිමින් ඔස්ට්‍රේලියාවෙන් බාහිරව ක්‍රියාත්මක වන ආයතනයක් වන අතර වසර 70ක් පුරා විදුලි බල ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළ තුළ අත්පත් කර ගැනීමට IPD සමාගමට හැකිව තිබේ. කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක IPD Colombo සමාගමේ මේ වන විට වෘත්තිකයින් 200ක් පමණ සේවය කරන අතර ඉන් 100කට වැඩි පිරිසක් සුදුසුකම් ලත් විදුලි ඉංජිනේරු වෘත්තිකයින්ගෙන් සමන්විත වන අතර මොවුන් ඔස්ට්‍රේලියාව පුරාම ක්‍රියාත්මක වන ශාඛා 290ක් සමග ඒක්ව කටයුතු කරයි. ශ්‍රීලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ සිටින වෘත්තිකයින්ගේ ඒකාබද්ධතාව මත පද්ධති සැලසුම් කෙරෙන බැවින් සමාගම විසින් ඉදිරිපත් කරන විදුලි බල පද්ධති ක්ෂේත්‍රයේ විසඳුම් අසමසම හැකියාවකින් යුක්ත වෙයි. 2024 මූල්‍ය වසර තුළ සමාගමේ මෙහෙයුම් ආදායම ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4.5ක් වූ අතර ශ්‍රී ලංකාවේ සේවා අපනයන ක්ෂේත්‍රය සඳහා IPD Colombo සමාගම ඉහළ දායකත්වයක් ලබාදෙයි.

    කොළඹ පොර්ට් සිටී ව්‍යාපෘතියෙහි විදුලි බල පද්ධති සේවා සැපයීමෙහි පුරෝගාමී මෙහෙවර හේතුවෙන් මෙරට තාක්ෂණික සේවා අපනයන ක්ෂේත්‍රයේ අනභිබවනීය තත්වයක් අත් කර ගැනීමට IPD Colombo සමාගමට හැකි විය. ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය පිලිබඳව ඉහළ අවධානයක් යොමු කරන බැවින් සේවකයින්ගේ මානසික හා ශාරීරික යහ පැවැත්ම, සමාජ බලපෑම, ශ්‍රී ලාංකික විදුලි ඉංජිනේරුවන්ට ගෝලීය අවස්තාවන් උදා කර දීම යන තේමාවන් යටතේ ඒම කටයුතු සිදු කෙරේ.

    IPD Colombo සමාගමේ සභාපති මොහොමඩ් යූසුෆ් මහතාගේ දිගුකාලීන දැක්මක ප්‍රතිඵලයක් ලෙස ස්ථාපනය කළ SLIIT සරසවි ස්ථාපනය කෙරුණු මෙම IPD Power Systems Laboratory බල පද්ධති පුහුණු පර්යේෂණ මධ්‍යස්ථානය අධ්‍යාපනය සහ ආයතනික සමාජ වගකීම් ඉටුකිරීම සඳහා වන ඔහුගේ දැඩි අභිලාෂය මනාව පිලිබිඹු කරයි. අධ්‍යාපනය සඳහා සමාගම මගින් ලබා දෙන සහාය අතරට සැලසුම් කළ සීමාවාසික පුහුණු අවස්තා, විශ්ව විද්‍යාල සමග වන සහයෝගීතා, ජාතික මට්ටමින් සිදු කෙරෙන වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් මේ අතර වෙති. ඒමෙන්ම නුදුරේදීම මෙම වැඩසටහන තවත් ව්‍යාප්ත කරමින් විදුලි ඉංජිනේරු විෂය හදාරන සරසවි සිසුන්ට වැඩමුළු සංවිධානය කිරීම ද ඉදිරියේදී සිදු වනු ඇත.

    මෙයට අමතරව, නායකත්ව පුහුණු, සන්නිවේදන පුහුණු, සහ ක්‍රීඩා, සුඛෝපභෝගී ක්‍රියාකාරකම් (ක්‍රිකට්, බැඩ්මින්ටන්, පිහිනුම්, සහ චෙස්) හරහා සේවක සංවර්ධනය හා සම්බන්ධතා වර්ධනය කිරීමද IPD Colombo සමාගම විසින් ක්‍රියාත්මක කෙරේ.

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ  (SLIIT) ස්ථාපනය කළ මෙම අභිනව බල පද්ධති පුහුණු පර්යේෂණ මධ්‍යස්ථානය (IPD Power Systems Laboratory) තුළින් මෙරට විදුලි ඉංජිනේරු අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සඳහා නව මානයක් සැලසෙන අතර සමාගමක් ලෙස සිය ජාතික මෙහවර නිසි ලෙස වටහා ගත් සමාගමක් බවට පත්වෙමින් මෙම ක්ෂේත්‍රයේ සෙසු තරගකරුවන් අතර සිය ස්ථානය රනින් සනිටුහන් කරන්නට ද IPD Colombo සමාගමට හැකි වනු ඇත.