April, 3, 2025
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන IT Gallery Computers (Pvt) Ltd විසින් නව්‍ය තාක්ෂණික විසඳුම් ලබා දීමේ ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන Lenovo හි නවතම නිෂ්පාදන ද්විත්වය පසුගිය දා මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙන ලදී. ඒ අනුව වසර 05ක් දක්වා වගකීමක් සහිත ThinkCentre Neo 50t Gen 5 Desktop පරිගනකය සහ Thinkbook G7 ලැප්ටොප් පරිගනකය මෙහිදී එළිදැක්විණි.
නවීන ව්‍යාපාර කටයුතු වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ThinkCentre Neo 50t Gen 5 , 13 වන සහ 14 වන Gen Intel® Core™ i7 හෝ Intel® 300 ප්‍රොසෙසරවලින් බලගැන්වෙන අතර, එමඟින් Intel UHD ග්‍රැෆික්ස් (710, 730, හෝ 770) සහ 64GB DDR5-5600ක මතක ධාරිතාවක් දක්වා ඉහළ කාර්යසාධන හැකියාවක් ලබාදෙයි. මෙහි අන්තර්ගත ස්වාධීන සංදර්ශක (Independent Displays) ත්‍රිත්වය සහ විකල්ප Intel Arc A310 GPU හරහා බාධාවකින් තොරව බහුකාර්ය හැකියාව සමඟ සුවිශේෂී දෘශ්‍යමය අත්දැකීමක් වෘත්තිකයන්ට ලබා ගත හැකිය. Smart Power On සහ Smart Connect විශේෂාංගයන් තුළින් මෙහි උපාංග එකිනෙක ඒකාබද්ධ කරමින්, සුමටව වැඩ කටයුතු කිරීමට අවස්ථාව සලසන අතර එමඟින් කාර්යක්ෂමතාව තවදුරටත් වැඩි දියුණු කරයි.
මෙහි ප්‍රධාන වශයෙන් අන්තර්ගත වන සුවිශේෂී පහසුකම් පහත දැක්වේ.
තවද, පාරිභෝගික තෘප්තිය තවදුරටත් ඉහළ නැංවීමේ පියවරක් ලෙස, Lenovo සිය සේවාවන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර තිබේ.ඒ අනුව වසර 1 සිට 5 දක්වා වූ කාලය තුළදී සියලුම Commercial නිෂ්පාදනවල නඩත්තු කටයුතු බලයලත් Lenovo ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ පාරිභෝගිකයන් වෙතටම පැමිණ සිදු කිරීම සඳහා Onsite වගකීමක් ප්‍රකාශයට පත් කර ඇත.පාරිභෝගික විශ්වාසය හා අලෙවියෙන් පසු සේවා සහාය ඉහළ නැංවීම වෙනුවෙන් දියත් කරනු ලැබූ මෙම සුවිශේෂී වගකීම් සහතිකය ඔස්සේ Lenovo හි නොසැලෙන කැපවීම මැනවින් පිළිබිඹු වේ.මින් වඩාත් කාර්යක්ෂම විසඳුම් බාධාවකින් තොරව පිරිනැමීම සහතික කරයි.
Lenovo ආයතනයේ විදේශ ව්‍යාපාර අධ්‍යක්ෂ, නවීන් කෙජ්රිවාල් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. "නවතම ThinkCentre Neo 50t Gen 5 ශ්‍රී ලංකාවේ අපගේ පාර්ශවකරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට ගෙන ඒමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා. පරිණාමය වෙමින් පවතින ඩිජිටල් පරිසරයක ව්‍යාපාරවලට සහය වෙමින් නව පරපුරේ මෙම ThinkCentre Neo 50t Gen 5 විශිෂ්ට කාර්ය සාධනය, ආරක්ෂාව හා තිරසාරභාවය පිළිබඳව අසමසම සංයෝජනයක් ලබා දෙනවා. ඒ වගේම අලුතින් හඳුන්වා දුන් Onsite වගකීම් සහතිකය තුළින් අපගේ ගනුදෙනුකරුවන්ට විශ්වාසදායක සහ දිගු කාලීන සහයෝගය ලබා දීම සඳහා අපගේ කැපවීම අවධාරණය කරනවා."
මේ සම්බන්ධයෙන් IT Gallery Computers Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මහතා සිය අදහස් මෙසේ එකතු කළේය. " ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත විශිෂ්ට ගණයේ තාක්ෂණික විසඳුම් ලබා දීම සඳහා Lenovo සමඟ අපගේ සහයෝගීත්වය තුළින් සෑමවිටම අවධානය යොමු කරනවා.වැඩිදියුණු කළ වගකීම් සහතිකය සමඟින් එන ThinkCentre Neo 50t Gen 5 ඔස්සේ ව්‍යාපාරවලට උසස් සේවාවක් සහිත අති නවීන උපාංග සැපයීමේ ශක්තිමත් ඉදිරි පියවරක් ප්‍රදර්ශනය කරනවා. Lenovo සහ අපගේ සහයෝගීතාවය තවදුරටත් සවිමත් කර ගැනීමට මෙන්ම නව්‍ය තොරතුරු තාක්ෂණ විසඳුම් සමඟ ගනුදෙනුකරුවන් වෙත ඉහළ දායකත්වයක් සැපයීමට අපි නිරන්තරයෙන් අපේක්ෂා කරනවා"
තිරසාරභාවය සඳහා Lenovo දක්වන කැපවීම මෙම හඳුන්වාදීම ඔස්සේ මැනවින් ඉස්මතු කරන අතර, ThinkCentre Neo 50t Gen 5 පරිගණකයේ චැසිය සහ ඇසුරුමෙන් 85%ක් ප්‍රතිචක්‍රීකරණය කළ ද්‍රව්‍යයන්ගෙන් නිර්මාණය කර තිබේ. උසස් කළමනාකරණ හැකියාව, ආරක්ෂක විශේෂාංග සහ පාරිභෝගික කැමැත්ත අනුව සකසා ගැනීමේ හැකියාව සමඟින්, මෙම Desktop පරිගනකය ව්‍යවසාය මට්ටමේ කාර්ය සාධනයන් කාර්යක්ෂමව හා ප්‍රශස්ත අන්දමින් සිදු කිරීම සඳහා නිර්මාණය කර ඇත.
Video Story