September, 30, 2014
සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදනයේ ප්රමුඛයෙකු වන එංගලන්තයේ Jaguar සමාගම විසින් මෙතෙක් නිපදවූ අඩුම මිල මෝටර් රථය කාන්තාවන් හා තරුණ පරපුර ඉලක්ක කරමින් එළිදක්වා තිබෙන අතර එමගින් මර්සිඩීස් බෙන්ස්, අවුඩි හා බී.එම්.ඩබ්ලිව් යන සමාගම් වලට දැඩි තරගයක් එල්ල වනු ඇතැයි වාර්තා වේ.
2008 දී ඉන්දියානු ටාටා සමාගම විසින් Jaguar මෝටර් රථ සමාගම සහ Land Rover මෝටර් රථ සමාගම මිලදී ගැනීමෙන් පසුව එම සමාගම් වලට හොඳ කලක් ගොස් තිබෙන අතර නව Jaguar Land Rover සමාගමේ වාහන අලෙවිය පසුගිය මුදල් වසරේදී සියයට 19 කින් වර්ධනය වී තිබේ.
මෙම සමාගම විසින් නිපදවන වාහන සඳහා චීනයෙන් වැඩි ඉල්ලුමක් ඇතිවීම මෙම වර්ධනයට හේතුවයි. Jaguar විසින් හඳුන්වා දී තිබෙන නවතම මෝටර් රථය XE sports sedan නමින් නම්කර තිබෙන අතර එහි මිල බ්‍රිතාන්‍යය පවුම් 27,000 කි.
Video Story