March, 21, 2016
ගෘහ භාණ්ඩ සහ දැව නිමැවුම් ක්ෂේත්‍රයේ මෙරට ප්‍රමුඛයාවන JAT Holdings සමාගම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නව සංධිස්ථානයක්සනිටුහන් කරමින් "Master Plaster" නිෂ්පාදනය වෙළඳපලට හඳුන්වා දුන්නේය.
ගඩොලින් හෝ සිමෙන්ති ගලින් හෝ කොන්ක්‍රීට් වලින් නිමවන බිත්ති සම්ප්‍රදායිකව කපරාරු කිරීමේදී වැලි, සිමෙන්ති සහ ජලය යොදා ගැනෙන අතර ඉන් අනතුරුව පොටි ආලේපනය සිදු කෙරේ.
"Master Plaster" පෙරළිකාර නිෂ්පාදනය ඉහත ක්‍රියාවලිය එකවර සම්පූර්ණ කර විශාල පිරිවැයක් ඉතිරි කර දීමට සමත් වේ.
ගඩොල්,හෝ සිමෙන්ති ගල් හෝ කොන්ක්‍රීට් යොදා ගනිමින් නිමවන ලද ඕනෑම ඇතුළත බිත්තියක් සඳහා පහසුවෙන් යොදා ගත හැකි Master Blaster නිෂ්පාදනය, වැලි සහ සිමෙන්ති බදාම යෙදීමේ සහ පොටි ආලේප කිරීමේ අවශ්‍යතාව මුළුමනින්ම බැහැර කිරීමට සමත්ය. කි.ග්රෑ. 25 ක පැකට්ටුවකින් මි.මි.12 ක ඝනකමින් යුතුව වර්ග අඩි 20 ක ප්‍රමාණයක් ආවරණය කළ හැකි වීම මෙම නිෂ්පාදනයේ ඇති තවත් විශේෂත්වයකි.
ඉතා කුඩා අංශුමය තත්ත්වයට පත්වන තුරු කුඩු කරන ලද මාස්ටර් ප්ලාස්ටර් නිෂ්පාදනය, 96% කට අධික පිරිසිදුතාවකින් යුක්ත වෙයි. ඒ නිසාම එය ඉතා පහසුවෙන් ජලයේ දියවන බැවින්, කලවම් කිරීම හා පිළියෙළ කිරීම සාමාන්‍ය සිමෙන්ති බදාමයකට වඩා ඉතාමත් පහසුය. එක් දිනක් තුළ මෙය ආලේප කළ හැකි වීමත්, දින තුනක් තුළ ඒ මත තීන්ත ආලේප කළ හැකි වීමත් මෙම නිෂ්පාදනයේ ඇති කාර්යක්ෂමතාව මැනවින් පිළිබිඹු කරයි. සම්ප්‍රදායික ක්‍රමයට අනුව වැලි සහ සිමෙන්ති බදාම ආලේප කිරීමෙන් අනතුරුව එහි ජලය වියලීම සඳහා දින 10 ක් පමණ ගතවන අතර Master Plaster නිෂ්පාදනය ආලේප කිරීමේදී ජලය වියලීම සඳහා හෝ සවි වීම සඳහා අමතර කාලයක් ගත නොවන බැවින් 70% කට අධික ප්‍රමාණයකින් කාලයත්, මුදලත් ඉතිරි කර දෙයි. තවද සම්ප්‍රදායික කපරාරුව සඳහා ගුණාත්මක තත්ත්වයේ සිනිඳු වැලි සොයා ගැනීම අදවන විට විශාල ගැටලුවක්ව ඇති බැවින් මාස්ටර් ප්ලාස්ටර් මගින් එයටද පැහැදිලි විසඳුමක් ලබා දෙයි.
පෙර සකසන ලද මිශ්‍රණයකින් සමන්විතවන මෙම නිෂ්පාදනය ආලේප කිරීමේදී ජලය ස්වල්ප වශයෙන් එකතු කිරීම පමණක් ප්‍රමාණවත්වන අතර, එම නිසාම ඉතා අඩු ශ්‍රමයකින් අසමසම නිමාවක් ලබා ගැනීමට හැකි වේ. මෙහි ඇති ඇදෙනසුළු බව නිසා, සම්ප්‍රදායික කපරාරු ක්‍රමවේදවලදී මෙන් සියුම් පැලීම් හෝ පිපිරුම් ඇති නොවේ. මෙහි ඇති සැහැල්ලු බව නිසා සම්ප්‍රදායික ක්‍රමවේද යෙදීමේදී ගොඩනැගිල්ල මත ඇති කරන අධික පීඩනය වළක්වා ගැනීමට ද හැකි වීම විශේෂත්වයකි.
ගින්නට ඔරොත්තු දීමේ හැකියාව (Fire Retardant) ඇතිව නිපදවූ මාස්ටර් ප්ලාස්ටර් නිෂ්පාදනය ආලේපිත ස්ථාන ගිනි නොගන්නාසුළු නිසා ඉන් ගොඩනැගිලි ද, ජීවිත ද, ගෘහභාණ්ඩ උපකරණ ද ආරක්ෂා කිරීම වෙනුවෙන් JAT සමාගම දක්වන අඛණ්ඩ කැපවීම තවදුරටත් පිළිබිඹු කරයි. තවද, එහි ඇති අවම තාප සන්නායකතාව හේතුවෙන් ගොඩනැගිලිවල බලශක්ති පරිභෝජනය විශාල වශයෙන් අවම කෙරේ.
බදාම යෙදීමෙන් අනතුරුව පොටි ආලේප කර අනතුරුව කපරාරු කිරීමේ සංකීර්ණ ක්‍රියාවලිය සඳහා අධික කාලයක්, මුදලක් සහ ශ්‍රමයක් වැයවන අතර, Master Plaster නිෂ්පාදනය දුහුවිලි වැනි අපද්‍රව්‍ය නිකුත් කිරීමෙන් තොර වීමත්, පහසුවෙන් ආලේප කිරීමත් නිසා එය වෙළඳපලේ ඇති වඩාත් කාර්යක්ෂම සහ පරිසර හිතකාමී නිෂ්පාදනයක් ලෙස කැපී පෙනෙයි. සම්ප්‍රදායික ක්‍රමවේද අධීක්ෂණය සහ පාලනය සඳහා විධිමත් ක්‍රමවේදයක් නොමැති බැවින් ප්‍රමිතිය පිළිබඳ නිරන්තරයෙන් ගැටළු මතු වේ. ඉන් භාවිත කෙරෙන අමුද්‍රව්‍ය මෙන්ම නිෂ්පාදනයේ ගුණාත්මක බව ද රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කර ඇති නිෂ්පාදනයක් භාවිතා කිරීමේ වැදගත්කම මෙහිදී මතු වේ. සම්පත් භාවිතය, ප්‍රවාහන සහ ගංගා වැලි භාවිතය යන පියවර සඳහා පනවා ඇති ගෝලීය පාරිසරික ප්‍රමිතීන්ට අනුකූලව Master Plaster නිෂ්පාදන පෙළ JAT වෙතින් වෙළඳපලට පිවිසේ.
1993 වසරේදී සිය නාමය වෙළඳපල තුළ සනිටුහන් කරමින් JAT සමාගම, එදා-මෙදා තුර මෙරට ගෘහභාණ්ඩ සහ දැවනිමා සම්ප්‍රදාය නැවුම් මගකට ගෙන එමින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයේ රැඳෙන්නට සමත්ව සිටී. ඉතාලියේ Sayerlackදැව නිමවුම් නිෂ්පාදන, එක්සත් රාජධානියේ අලංකරණ ඉමල්ෂන් සහ වෙදර් කොට් තීන්ත සහ ඇමරිකාවේ Herman Miller Seating වැනි ලොව කීර්තිමත් සන්නාම රැසක් නියෝජනය කරන JAT Holdings සමාගම, දියුණුවෙන් දියුණුව කරා ගමන් කරමින් මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහ දහය අතර රැඳෙයි.
Video Story