Jetwing පානදුරේ Jie Jie Beach Hotelට සමුදෙයි

    September, 26, 2024

    මෙරට ප්‍රමුඛතම හෝටල් සමූහයක් වන Jetwing Hotels Limited, 2024 සැප්තැම්බර් 19 දින සිට බලපැවැත්වෙන පරිදි තවදුරටත් පානදුරේ පිහිටි Jie Jie Beach Hotel හි කළමනාකාර නියෝජිතයා වශයෙන් කටයුතු නොකරන බව දැනුම් දී සිටී.

    පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් Jetwing Hotels Limited මේ බව අනාවරණය කළ අතර Jie Jie Beach Hotel හි හිමිකාර සමාගම වන Jie Zhong Jie Lanka Developing Construction and Engineering (Pvt) Ltd සමඟ ඇති කර ගත් අන්‍යෝන්‍ය ගිවිසුමකින් පසුව මෙම තීරණයට එළඹ ඇත.

    Jie Jie Beach Hotel කළමානාකාරීත්වයෙන් Jetwing Hotels Limited ඉවත් වීමත් සමඟ එහි මෙහෙයුම් ස්වාධීනව කළමනාකරණය කිරීමට නියමිතය.