August, 19, 2014
(දෙවන සංස්කරණය)- රුපියල් බිලියන 8.1 ක වෙළඳ පොළ පිරිවැටුමක් (Market Turnover) වාර්තා කරමින් කොළඹ කොටස් වෙළඳ පොළ වසරේ වාර්තාකළ ඉහළම වෙළඳ පොළ පිරිවැටුම අද වාර්තා කිරීමට සමත්විය.
මෙම පිරිවැටුමෙන් රුපියල් බිලියන 07 කට වැඩි පිරිවැටුමක් ලැබී ඇත්තේ ජෝන් කීල්ස් සමාගමේ කොටස් මිලියන 29.4 ක් කොටසක් රුපියල් 240 ක් බැගින් සිදුවූ ගිවිසගත් කොටස් ගනුදෙනු (Crossings) හේතුවෙනි.
මෙම කොටස් විකිණීම විදේශීය ආයෝජකයෙකු විසින් කර ඇතැයි අනාවරණය වේ.