December, 18, 2014
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට අනුබද්ධ වෝටර් ෆ්රන්ට් ප්‍රොපර්ටීස් සමාගම විසින් කොළඹ 02, ග්ලේනි වීදියේ ඉදිකරන සුපිරි හෝටලය සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙන් ඩොලර් මිලියන 445 ක ඒකාබද්ධ ණය මුදලක් ලබාගැනීමේ ගිවිසුමකට එළඹ තිබේ.
මෙම ණය ලබාගැනීම සඳහා කොටස්කරුවන්ගේ අවසරය ලැබී ඇත.
මෙම ව්‍යාපෘති භූමිය කොන්ත්රාත්කාර සමාගම වෙත පසුගියදා භාරදුන් අතර ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබෙන බව ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සඳහන් කරයි.
ව්‍යාපෘතියට අදාළව ක්‍රමෝපාය සංවර්ධන ව්‍යෘපෘති පනතට අදාළ ගැසට් නිවේදනය පසුගියදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන 650 ක් පමණ ආයෝජනය කිරීමට නියමිතය.