John Keells Consumer Foods, 2025 TAGS සම්මාන උලෙළේ දී විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කර ගනී

    March, 20, 2026

    මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය යළිත් වරක් සනාථ කරමින්, John Keells Consumer Foods ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) සංවිධානය කළ, 2025 TAGS සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලැබීය. මෙම ඇගයීම මගින් Ceylon Cold Stores PLC (CCS) සහ Keells Food Products PLC (KFP) ඇතුළත් මෙම අංශය සතු විනිවිදභාවය, වගවීම සහ විනයගරුක මූල්‍ය කළමනාකරණය පවත්වාගෙන යාම සඳහා දක්වන නොසැලෙන කැපවීම මනාව පිළිබිඹු කරයි.

    1866 වසරේ ආරම්භ කරන ලද, මෙරට පැරණිතම සහ ගෞරවනීය ආයතනයක් වන ‘එලිෆන්ට් හවුස්’ වැනි ප්‍රමුඛ පෙළේ සන්නාමයන්හි හිමිකාරීත්වය දරන CCS, එහිදී රුපියල් බිලියන 15කට වැඩි පිරිවැටුමක් සහිත ආහාර සහ බීම වර්ග කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම 1983 වසරේ සිට ශ්‍රී ලංකාවේ සැකසූ ආහාර කර්මාන්තයේ පුරෝගාමියෙකු වන KFP, රුපියල් බිලියන 15 දක්වා පිරිවැටුමක් සහිත ආහාර සහ බීම වර්ග කාණ්ඩයේ රන් සම්මානය දිනා ගැනීමට සමත් විය. මීට අමතරව, මූල්‍ය නොවන සේවා අංශයේ ආයතනික පාලන හෙළිදරව් කිරීම් (Corporate Governance Disclosure) වෙනුවෙන් වන ලෝකඩ සම්මානය ද CCS වෙත හිමිවිය.

    TAGS සම්මාන මගින් ඇගයීමට ලක්වන්නේ විනිවිදභාවය, වගවීම සහ නියාමන ක්‍රමවේදයන්ට අනුකූලව ආයතනික වාර්තාකරණය සිදුකරන සමාගම් ය. ආයෝජකයින්, නියාමකයින් සහ පාර්ශවකරුවන් අතර විශ්වාසය ගොඩනැගීමට John Keells Consumer Foods  දක්වන අඛණ්ඩ කැපවීම මෙම සම්මාන හරහා තහවුරු වී ඇත.

    John Keells පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය.

    "අපගේ ව්‍යාපාර මෙහෙයුම් තුළ ඉහළම මට්ටමේ ආයතනික පාලනයක් සහ විනිවිදභාවයක් පවත්වා ගැනීමට අප දක්වන දැඩි කැපවීම මෙම ඇගයීම් මගින් යළිත් තහවුරු වෙනවා. අප ආයතනික වාර්තාකරණය හුදෙක් නීතිමය බැඳීමක් ලෙස පමණක් නොව, පාර්ශවකරුවන්ගේ විශ්වාසය තහවුරු කරන සහ වර්ධනයක් කරා අපව මෙහෙයවන ප්‍රධානම කරුණු ලෙස සලකනවා."

    John Keells පාරිභෝගික ආහාර අංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී නෙලින්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය මෙසේ සඳහන් කළාය.

    "TAGS සම්මාන යනු අපගේ මෙහෙයුම් පද්ධතිය තුළ අන්තර්ගත විනයගරුක මූල්‍ය රාමු සහ වාර්තාකරණ ක්‍රියාවලීන් සඳහා ලැබුණු සහතිකයක්. අපගේ ඒකාබද්ධ මූල්‍ය අංශය මගින් සෑම විටම තොරතුරු ඉදිරිපත් කිරීමේදී නිරවද්‍යතාවය සහ පැහැදිලි බව සහතික කරනවා. එය හොඳම මට්ටමේ වාර්තාකරණ ප්‍රමිතීන් පවත්වා ගැනීමට අප සතු කැපවීම විදහා දක්වනවා."

    මෙම ඇගයීම මගින් John Keells Consumer Foods හි විනිවිදභාවය සහ නියාමන ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකරන ආයතනික වාර්තාකරණයෙහි විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු වේ.