March, 13, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සංවර්ධකයා වන John Keells Properties වෙතින් කොළඹ නගර මධ්‍යයේ මහල් 60කින් සමන්විත සුවිශේෂී නිවාස සංකීර්ණයක් වන ‘Vauxhall DSTRCT’ සිය නවතම නේවාසික ව්‍යාපෘතිය ලෙස එළිදක්වා තිබේ.
සමාරම්භක දිනයේදී ම නිවාස 100කට අධික සංඛ්‍යාවක් අලෙවි වූ මෙම ව්‍යාපෘතිය, කොළඹ නගර මධ්‍යයේ පදිංචි වීමට ඇති ඉහළ ඉල්ලුම සහ ගැනුම්කරුවන්ගේ විශ්වාසය මැනවින් පෙන්වා දෙයි.
කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි මෙම ව්‍යාපෘතිය නගරයේ ප්‍රධාන ස්ථාන සම්බන්ධ කරමින්, නාගරික සුන්දරත්වය සහ බේරේ වැවේ දර්ශනය විඳ ගැනීමේ අවස්ථාව ලබා දෙයි. කොළඹ ප්‍රධාන වාණිජ කලාප, සුඛෝපභෝගී හෝටල්, ප්‍රමුඛ පෙළේ පාසල්, සුපිරි වෙළඳසැල්, නාගරික කේන්ද්‍රස්ථාන සහ ප්‍රධාන ප්‍රවාහන මාර්ග වෙත ඉතා පහසුවෙන් ළඟා විය හැකි පරිදි පිහිටා ඇති මෙම සංකීර්ණය, නගර මධ්‍යයේ ජීවත්වීමේ පහසුව අපේක්ෂා කරන වෘත්තිකයන්, පවුල් සහ ආයෝජකයින්ට ලැබෙන කදිම අවස්ථාවකි.
නිදන කාමර එකේ සිට හතර දක්වා වූ අලංකාර නිවාස රැසකින් සමන්විත 'Vauxhall DSTRCT', ඔබේ නවීන නාගරික ජීවිතයට නව අරුතක් එක් කරයි. මෙහි ඇති සුවිශේෂී ජීවන රටා පහසුකම් මගින් ඔබේ දෛනික ජීවිතය වඩාත් සුවපහසු සහ ඉහළ මට්ටමකට ඔසවා තබනු ඇත.
මෙම ව්‍යාපෘතියේ ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් John Keells Holdings හි දේපළ සහ විවේක ක්ෂේත්‍ර සභාපති නයන මාවිල්මඩ මහතා මෙසේ පැවසීය."කොළඹ නගරය වඩාත් කාර්යක්ෂම සහ නවීන නාගරික කලාපයක් ලෙස දියුණු වීමත් සමඟ, මිනිසුන්ගේ ජීවන රටාවේ විශාල වෙනසක් සිදුවෙමින් පවතින අතර මහල් නිවාසවල පදිංචි වීම සඳහා විශාල ඉල්ලුමක් ඇතිව තිබේ. Vauxhall DSTRCT' ව්‍යාපෘතිය මගින් නගර මධ්‍යයේ ජීවත් වීමට අපේක්ෂා කරන පිරිසට අවශ්‍ය සියලුම පහසුකම්වලින් සමන්විත සුවපහසු සහ නවීන නිවාස අත්දැකීමක් ලබා දෙයි."
TRI-ZEN වැනි මෑතකාලීන ව්‍යාපෘතිවල සාර්ථකත්වය හරහා ඉහළ ආදායමක් සහ දේපළ වටිනාකම ඉහළ යාමක් පෙන්නුම් කර තිබීම, නගර මධ්‍යයේ පිහිටි නිවාස ව්‍යාපෘති සතු දිගුකාලීන ආයෝජන වටිනාකම සහ ආකර්ෂණීය බව මැනවින් ප්‍රදර්ශනය කරයි.
ආකර්ෂණීය ආරම්භක මිල ගණන් යටතේ වෙළඳපොළට පිවිසෙන 'Vauxhall DSTRCT' ව්‍යාපෘතිය, කොළඹ නගර මධ්‍යයේ සුවිශේෂී නිවාස ඒකකයක් හිමිකර ගැනීමට ගැනුම්කරුවන්ට අවස්ථාව ලබා දෙයි. මෙය රටේ වඩාත්ම විශ්වාසවන්ත සංවර්ධන සමාගමක දායකත්වයෙන් ක්‍රියාත්මක වන්නකි.
TRI-ZEN හි ස්මාර්ට් තාක්ෂණික සාර්ථකත්වය පාදක කරගනිමින්, 'Vauxhall DSTRCT' හරහා එම තාක්ෂණය තවදුරටත් ඔපමට්ටම් කිරීමට John Keells Properties පියවර ගෙන ඇත. මෙරටට ප්‍රථම වරට ස්මාර්ට් නිවාස තාක්ෂණය හඳුන්වා දෙමින් නාගරික ජීවිතය වෙනස් කළ පුරෝගාමියා ලෙස, 'Vauxhall DSTRCT' හරහා වඩාත් සුවපහසු සහ සන්නිවේදනයෙන් පිරිපුන් නවීනතම ස්මාර්ට් ජීවන රටාවක මීළඟ අදියර ඔබ වෙත හඳුන්වා දීමට සූදානම් වේ.
John Keells Properties විසින් 'Vauxhall DSTRCT' දියත් කරනුයේ කොළඹ නගරයේ නවීන ජීවන රටාව තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණෙනි. මනා පිහිටීම, නවීන සැලසුම් සහ ස්මාර්ට් තාක්ෂණයෙන් සමන්විත මෙම ව්‍යාපෘතිය, කොළඹ නාගරික නිවාස සංවර්ධනයේ නව ප්‍රමිතියක් ස්ථාපිත කරයි.
පසුගිය වසර විස්සක කාලය තුළ, කොළඹ අහස් තලය වෙනස් කරමින් සහ ශ්‍රී ලංකාවේ නේවාසික සංස්කෘතිය නව මාවතකට යොමු කරමින් John Keells Properties සුවිශේෂී මෙහෙවරක නිරත විය. Emperor, Monarch, OnThree20, 7th Sense, TRI-ZEN, City of Dreams Sri Lanka – Cinnamon Life, වැනි මෙරට අතිශය ජනප්‍රිය ව්‍යාපෘති සහ මහනුවර Victoria Golf Resort හි අලංකාර නිවාස ව්‍යාපෘති එයට උදාහරණ වේ. නවීන නිර්මාණ කලාව සහ අතිවිශිෂ්ට නාගරික ජීවන රටාවක් අත්දැකීම් බවට පත් කරමින්, ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නිවාස සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමය බවට පත්වීමට සමාගම සමත්ව තිබේ.
Vauxhall DSTRCT පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.johnkeellsproperties.com වෙබ් අඩවියට පිවිසෙන්න. නැතහොත් +94 711 638 638 ඔස්සේ John Keells Properties අමතන්න.

ක්‍රිෂාන් බාලේන්ද්‍ර - සභාපති / ප්‍රධාන විධායක නිලධාරී, ජෝන් කීල්ස් සමූහය

නයන මාවිල්මඩ - සභාපති - දේපළ සහ විවේක අංශය, ජෝන් කීල්ස් සමූහය

නදීම් ෂම්ස් - විකුණුම් සහ අලෙවිකරණ ප්‍රධානී, ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස්; උප සභාපති, ජෝන් කීල්ස් සමූහය
Video Story