John Keells Properties හි ‘Vauxhall DSTRCT’ සති දෙකක් ඇතුළත නිවාස ඒකක 200කට අධික සංඛ්‍යාවක් අලෙවි වීමෙන් නව වාර්තාවක් තබයි

    April, 9, 2026

    John Keells Properties (JKP) සමාගම කොළඹ නිවාස වෙළඳපොළ තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය නවතම නේවාසික ව්‍යාපෘතිය වන 'Vauxhall DSTRCT' දියත් කර සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත නිවාස ඒකක 200කට අධික ප්‍රමාණයක් අලෙවි වූ බව නිවේදනය කළේය. මෙය මෙරට නාගරික නිවාස ක්ෂේත්‍රයේ ඉල්ලුම පිළිබඳ නව සන්ධිස්ථානයක් ස්ථාපිත කිරීමකි.

    දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ගේ ද දැඩි අවධානයට ලක්ව ඇති 'Vauxhall DSTRCT' ව්‍යාපෘතිය, කොළඹ නගර මධ්‍යයේ දේපළ සඳහා පවතින විශ්වාසය යළිත් ඔප්පු කර පෙන්වයි. John Keells Properties සතු විශ්වාසවන්තභාවය සහ නගර මධ්‍යයේ  පිහිටීම මෙම ව්‍යාපෘතිය කෙරෙහි මෙතරම් ඉහළ ආකර්ෂණයක් ලැබීමට ප්‍රධාන සාධක වී තිබේ.

    මෙම සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් John Keells Holdings හි උප සභාපති සහ දේපළ ක්ෂේත්‍රයේ විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී නදීම් ෂම්ස් මහතා මෙසේ පැවසීය. "Vauxhall DSTRCT' සඳහා ලැබුණු ප්‍රතිචාරය අතිවිශිෂ්ටයි. නවීන පහසුකම් සහ ආයෝජන වටිනාකම යන කරුණු දෙකම සලකා බලන පාරිභෝගිකයින්ගේ රුචිකත්වයේ සුවිශේෂී වෙනසක් මෙම ව්‍යාපෘතිය කෙරෙහි ලැබුණු ප්‍රතිචාරයෙන් මනාව පැහැදිලි වෙනවා. අප වෙළඳපොළට ඉදිරිපත් කළ මිල ගණන් සහ නිෂ්පාදනයේ ගුණාත්මකභාවය පිළිබඳව ලැබුණු හොඳම සහතිකය මෙයයි."

    කොළඹ වඩාත්ම පහසුවෙන් සම්බන්ධ විය හැකි ස්ථානයක අක්කර 1.5ක පමණ භූමි ප්‍රමාණයක විහිදෙන මෙම ව්‍යාපෘතිය, මහල් 60කින් යුත් නේවාසික ගොඩනැගිල්ලකින් සමන්විතය. මෙහි නිදන කාමර 1, 2, 3 සහ 4 සහිත නිවාස ඒකක 749ක් ඇතුළත් වේ. කොළඹ නගර මධ්‍යයේ වඩාත් ආකර්ෂණීය මිල ගණන් යටතේ නිවසක් හිමිකර ගැනීමට අවස්ථාව සලසන 'Vauxhall DSTRCT', පහසුවෙන් ළඟාවීමේ හැකියාව, ස්මාර්ට් ජීවන රටාව සහ පුළුල් පරාසයක විහිදුණු පහසුකම් එක්තැන් කරයි.

    මීට පෙර දියත් කළ සාර්ථක නිවාස ව්‍යාපෘතිවල අත්දැකීම් සමඟින්, John Keells Properties සමාගම නවීන සැලසුම් සහ ස්මාර්ට් තාක්ෂණය ඔස්සේ දේපළ ක්ෂේත්‍රයේ පෙරමුණ ගෙන සිටියි. 'Vauxhall DSTRCT' හි පදිංචිකරුවන්ට අතිනවීන ඩිජිටල් පහසුකම් රැසක් අත්විඳීමට අවස්ථාව සැලසේ. සති දෙකක් වැනි කෙටි කාලයකදී නිවාස 200කට අධික ප්‍රමාණයක් අලෙවි වීම, මෙම ව්‍යාපෘතියේ පවතින ඉහළ ඉල්ලුමට කදිම සාක්ෂියකි. මෙය ප්‍රමුඛ ස්ථානයක් සහ ඉහළ වටිනාකමක් සහිත ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේදී John Keells Properties  සතු සුවිශේෂී හැකියාව යළිත් තහවුරු කිරීමකි.

     

    Vauxhall DSTRCT - Why Go Anywhere?

    ශ්‍රී ලංකාවේ නේවාසික දේපළ ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛතම සලකුණක් තබමින්, පසුගිය වසර විස්සක කාලය තුළ කොළඹ නගරයේ පෙනුම සහ නාගරික ජීවන රටාව වෙනස් කිරීමට John Keells Properties  සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත.  Emperor, Monarch, OnThree20, 7th Sense, TRI-ZEN, City of Dreams Sri Lanka – Cinnamon Life, Viman වැනි මෙරට අතිශය ජනප්‍රිය ව්‍යාපෘති සහ මහනුවර Victoria Golf Resort හි සුවිශේෂී දේපළ ව්‍යාපෘති ඒ සඳහා නිදසුන් වේ. මෙම සන්ධිස්ථානයන් හරහා නිර්මාණකරණය සහ නූතන නාගරික ජීවන අත්දැකීම් පිළිබඳ නව ප්‍රමිතීන් ස්ථාපිත කරමින්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සිය අනන්‍යතාවය තහවුරු කිරීමට සමාගම සමත්ව ඇත.

    Vauxhall DSTRCT පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.johnkeellsproperties.com වෙබ් අඩවියට පිවිසෙන්න. නැතහොත් +94 711 638 638 ඔස්සේ John Keells Properties අමතන්න.

    Video Story

    Stock Market

    Exchange Rates