John Keells Properties, TRI-ZEN හි ආයෝජන විශ්වාසය තහවුරු කරමින් සුවිශේෂී කුලී ආදායම් වාර්තා කරයි

    December, 31, 2025

    John Keells Properties ආයතනය ඔවුන්ගේ ප්‍රධානතම ස්මාර්ට්-ජීවන ව්‍යාපෘතිය වන කොළඹ 02 හි පිහිටි TRI-ZEN, අඛණ්ඩව සුවිශේෂී කුලී ආදායම් සහ ඉහළ ඉල්ලුමක් වාර්තා කරන බව නිවේදනය කරයි. මෙයින් ව්‍යාපෘතිය කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු වේ.

    මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එහි මධ්‍යම පිහිටීම, නවීන ජීවන රටා පහසුකම් සහ සම්පූර්ණයෙන්ම  ඒකාබද්ධ වූ ස්මාර්ට්-නිවාස පරිසර පද්ධතියයි.

    නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන හෝටල්, 'Grade-A' කාර්යාල, සාප්පු සංකීර්ණ සහ ප්‍රවාහන පහසුකම් වෙත ඇති සුවිශේෂී ප්‍රවේශය හේතුවෙන්, දේශීය හා විදේශීය පදිංචිකරුවන්ගේ නවීන, අනාගතයට ගැළපෙන ජීවන රටාව සඳහා TRI-ZEN වඩාත් කැමතිම තේරීම බවට සීඝ්‍රයෙන් පත්වෙමින් තිබේ.

    මෙය පිළිබිඹු කරමින්, සියලුම නිවාස වර්ගවල කුලී වටිනාකම් සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇත.

    දැනට නිදන කාමරයක් සහිත  මහල් නිවාස මසකට ඇමරිකන් ඩොලර් 1,000 ඉක්මවූ අගයකට ද, නිදන කාමර දෙකක් සමන්විත් වේ නම් ඒකක දළ වශයෙන් ඩොලර් 1,250 ක් පමණ අගයකට සහ නිදන කාමර තුනක් සඳහා ඒකක දළ වශයෙන් ඩොලර් 1,400 ක් පමණ අගයකට බදු දෙනු ලබන අතර, මෙම ශක්තිමත් කුලී අගයන් මඟින් 5.5% සිට 6% දක්වා වූ පරාසයක කුලී ප්‍රතිලාභ පෙන්නුම් කරයි.

    කොළඹ නගරයේ මෙවැනි ප්‍රතිලාභයන් දෙන තවත් තැනක් සොයා ගැනීම අසීරුය. මේ හේතුවෙන්     TRI-ZEN දක්ෂ ආයෝජකයෙකුට මග හැරිය නොහැකි අවස්ථාවක් වශයෙන් දැක්විය හැකිය.

    සීමිත ඒකක ප්‍රමාණයක් පමණක් ඉතිරිව තිබීම හේතුවෙන්, මෙම ව්‍යාපෘතිය සඳහා නිවාස හිමියන්ගෙන් සහ ආයෝජකයන්ගෙන් ලැබෙන ඉල්ලුම තවදුරටත් වර්ධනය වෙමින් පවතී.

    TRI-ZEN හි අඛණ්ඩ ප්‍රවණතාවය පිළිබඳව අදහස් දක්වමින්, John Keells Properties හි විකුණුම් හා අලෙවි ප්‍රධානී නදීම් ෂුම්ස් මහතා මෙසේ පැවසීය.

    "TRI-ZEN හි කුලී ඉල්ලුම ශක්තිමත්ව පැවතීම, මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී බව තහවුරු කරයි. අද වනවිට මිනිසුන් ප්‍රමුඛතාවය ලබාදෙන්නේ  පහසුව, සම්බන්ධතාවය සහ නවීන නාගරික ජීවිතයක් ගත කිරීමටයි. TRI-ZEN ඒ සියල්ලම කිසිදු බාධාවකින් තොරව ලබා දෙයි. ආයෝජකයින් ලබන මේ ප්‍රතිලාභ අපගේ ව්‍යාපෘතිය කෙරෙහි තිබෙන විශ්වාසය තවදුරටත් තහවුරු කරයි."

    TRI-ZEN හි ශක්තිමත් කාර්ය සාධනයට එහි පුළුල් ජීවන රටා පහසුකම් ද හේතු වී ඇත. එයට සිනමා ශාලාවක්, බහු ව්‍යායාම ශාලා, පිහිනුම් තටාක දෙකක්, ජොගින් මාර්ගයක්, උත්සව ශාලා, සහ පරිශ්‍රය තුළ ඇති රෙදි සේදීමේ සේවා ඇතුළත් වන අතර, නුදුරේදීම කැෆේ එකක් ද විවෘත කිරීමට නියමිතය. ව්‍යාපෘතියේ ස්මාර්ට් නිවාස තාක්ෂණයට මෙම පහසුකම් එකතු වීම නිසා, පදිංචිකරුවන්ට සුවපහසුව, කාර්යක්ෂමතාව මෙන්ම සමස්ත ජීවන අත්දැකීමම සැලකිය යුතු ලෙස වැඩි දියුණු වේ.

    කොළඹ නාගරික භූ දර්ශනය අඛණ්ඩව විකාශනය වෙමින් දේශීය හා ජාත්‍යන්තර උනන්දුව වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගන්නා හෙයින්, TRI-ZEN ජීවන රටා ආකර්ෂණය සහ ඉදිරි වසර සඳහා පවතින ආයෝජනය යන දෙකම ලබා දෙන ප්‍රමුඛ නේවාසික සංවර්ධනයක් ලෙස කැපී පෙනේ.

    කොළඹ TRI-ZEN ඔබේම කරගැනීමට වැඩිදුර තොරතුරු දැනගැනීමට www.trizen.lk වෙත පිවිසෙන්න, නැතහොත් 0702 294 294 අමතන්න.