May, 9, 2016
මෙරට තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය ක්ෂේත්‍රය ප්‍රාදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම මෙරට ආර්ථික වර්ධනයේ එක් සාධකයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් සංවිධානය කරනු ලබන මහනුවර තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය එලෙස ක්‍රියාවට නැංවෙන එක් වැඩසටහනකි. අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගයෙන් යුතුව මෙම උළෙල ජුනි මස 10 සිට 12 දක්වා පැවැත්වේ.
මහනුවර තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය යනු මෙරට තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ප්‍රාදේශීය වශයෙන් ශක්‍යතා වර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මකවන වැඩසටහනකි. තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන, ව්‍යවසාය සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍ර නියෝජනය කරමින් මෙහිදී සම්මන්ත්‍රණ සහ වැඩමුළු ද පැවැත්වේ.
පාසල් දරුවන්, අපනයනකරුවන් සහ විශ්වවිද්‍යාල සිසුන් ආදී විවිධ පාර්ශව ඉලක්ක කර ගනිමින් වැඩසටහන් පහක් මෙහිදී පවත්වීමට නියමිතය. ජුනි මස 10 වනදා රණබිම රාජකීය විද්‍යාලයේ පැවැත්වෙන අනාගත රැකියා වැඩසටහන තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රයේ ගෝලීය සහ මෙරට පසුබිම පිළිබඳවත්, ක්ෂේත්‍රය තුළ පවතින රැකියා අවස්ථාවන් පිළිබඳවත් සිසුන් දැනුම්වත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරේ. ජුනි මස 11 වනදා මහනුවර ක්වීන්ස් හෝටලයේදී පැවැත්වෙන අපනයන සමුළුව සහ ව්‍යවසායකත්ව වැඩමුළුව සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ ව්‍යාපාර ක්ෂේත්‍රයට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් පසුවන පිරිස ඉලක්ක කර ගනී.
එදිනම, විශ්වවිද්‍යාල සිසුන් සඳහා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සම්මන්ත්‍රණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වෙන අතර එම ක්ෂේත්‍රයට අදාළ විෂය අධ්‍යයනයන් සහ ක්ෂේත්‍රයේ නව මානයන් පිළිබඳ එහිදී දැනුම්වත් කෙරේ. ජුනි මස 12 වනදා මෙරට රජයේ විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයක් පැවැත් වේ. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙහිදී ප්‍රායෝගික සංකල්ප තුළින් ගෝලීය ප්‍රවණතාවන් පිළිබඳ සිසුන් දැනුම්වත් කිරීමට නියමිතය.
මේවන විටත් ස්ථාපනය කර ඇති යටිතල පහසුකම්, සබඳතා, විදුලිය සහ සැලසුම් කර ඇති සංවර්ධන වැඩසටහන් හේතුවෙන් මහනුවර නගරය මෙරට ප්‍රමුඛ නගරයක් ලෙස හඳුනාගෙන ඇත. මහනුවර නගරය සතු පාසල් ජාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළින් කුසලතා පූර්ණ ශ්‍රම බලකායක් ගොඩනැගීමේ හැකියාව ඒ සතුව පවතී.
මායිම් පළාත් සංවර්ධනය කිරීම සඳහා යොදා ගත හැකි වඩාත් වේගවත්ම ක්‍රමවේදය ලෙස තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය එම ප්‍රදේශ තුළ ප්‍රවර්ධනය කිරීම හඳුනා ගත හැකිය. මෙම ක්ෂේත්‍රයේ වර්ධනය මේවන විට වැඩි වශයෙන් බස්නාහිර පළාත තුළ කේන්ද්‍රගත වී ඇති බැවින් ප්‍රාදේශීය දැනුම් මධ්‍යස්ථාන බිහි කිරීම වැදගත්ය.
යහපත් වටපිටාවක් සහ මනා යටිතල පහසුකම් ස්ථාපනය කිරීම තුළින් ඕනෑම ස්ථානයක සිට තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රයට පිවිසීමේ හැකියාව ජනතාවට හිමි වේ. මෙරට වත්මන් ශ්‍රම බලකායෙන් 80% ක් ප්‍රාදේශීය පළාත් නියෝජනය කරන අතර ඉන් වැඩි පිරිසක් මෙරට ආර්ථික වර්ධනය සඳහා නිසි පරිදි යොදාගෙන නොමැත.
මෙරට ආර්ථික කේන්ද්‍රස්ථානයවන කොළඹ නගරය තුළ තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ආයතන සහ සමාගම් එක්රැස් වීම හේතුවෙන් ඒ තුළ සංකුලතාවක් ඇතිවන අතර, එය වළක්වා ගැනීම සඳහා දරන වියදම් හේතුවෙන් සමාගම්වල මෙහෙයුම් පිරිවැය අධික වේ.
"දෙවන පෙළ සංවර්ධන කේන්ද්‍රස්ථාන බිහි කිරීම තුළින් කොළඹ කේන්ද්‍රීය බව ප්‍රාදේශීය කේන්ද්‍රීය තත්ත්වයක් දක්වා පරිවර්තනය කිරීමේ දැවැන්ත පියවරක් වනවා. මෙමගින්, ප්‍රාදේශීය ජනතාවට තමන් පදිංචි ප්‍රදේශයේ සිට ප්‍රතිලාභ බුක්ති විඳීමට සහ සිය ජීවන තත්ත්වය නගාසිටුවීමට හැකියාව ලැබෙනවා." SLASSCOM සභාපති මනෝ සේකරම් මහතා සඳහන් කළේය.
යාපනය, මහනුවර සහ ගාල්ල යන නගරවල යටිතල පහසුකම්, විදුලිබලය සහ යෝජිත සංවර්ධන සැලසුම් මෙන්ම එම නගරවල ඇති පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධති හේතුවෙන් කුසලතාපූර්ණ ශ්‍රම බලකායක් ගොඩනැගීමටත්, ඒවා දෙවන පෙළ ආර්ථික කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමටත් හැකියාව පවතී.
වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර සඳහා www.kandyitbpmweek.com වෙත පිවිසෙන්න.
Video Story