Kia සන්නාමයේ ‘Class Champion’- 2017 නව පිකැන්ටෝ රථය ශ‍්‍රී ලංකාවේ එළිදක්වයි

    June, 20, 2017

    වඩාත් ඉඩකඩ ඇති නවීන උපාංග වලින් සමන්විත තුන්වන පරම්පරාවේ මාදිලිය තුළින් නාගරික මෝටර් රථ කාණ්ඩයට නව අරුතක්

     

    ශ‍්‍රී ලංකාවේ නාගරික මෝටර් රථ වෙළඳපොළ යලි පණගන්වමින් කොරියානු මෝටර් රථ නිෂ්පාද Kia සමාගමේ තුන්වන පරම්පරාවේ 2017 පිකැන්ටෝ මෝටර් රථය කොළඹදී එළි දැක්වීය.

     

    Kia පිකැන්ටෝ මෝටර් රථය දැනටමත් මෙරට වෙළඳපොළේ එම වාහන ඛණ්ඩයේ ඉහළ ජනප‍්‍රසාදයක් දිනා ගැනීමට සමත් වී ඇති අතර හඳුන්වා දුන් නව පිකැන්ටෝ මෝටර් රථය තාරුණ්‍යයෙන් සහ නව ජවයකින් පිරිපුන් නිර්මාණයකි. මෙම මෝටර් රථය නව අධි තාක්ෂණික පහසුකම් වලින් යුක්තල වැඩි ඉඩකඩකින් සමන්විතල හැසිරිවීමට වඩාත් පහසු ආකාරයටත් ආරක්ෂාව වැඩිවන ආකාරයටත් නිර්මාණය කර තිබෙන බව ණස් සන්නාමය සඳහා මෙරට බෙදා හැරීමේ බලයලත් නියෝජිතයා වන Kia මෝටර්ස් (ලංකා) ලිමිටඞ් සමාගම සඳහන් කරයි.

     

    මාධ්‍යය වෙත මෙම රථය ප‍්‍රදර්ශනය කිරීමේදී අනාවරණය වූයේ 2017 පිකැන්ටෝ රථයේ වඩාත් වැඩි දියුණු කළ පහසුකම් රැසක්ම තිබෙන බවයි. ඉතාමත් කඩවසම් පෙනුමක් ලැබෙන පරිදි මෙහි බාහිර ස්වරූපය නිර්මාණය කර තිබෙන අතර අභ්‍යන්තරයද නවීනත්වයට ප‍්‍රමුඛත්වය ලබාදෙමින්  වැඩි ඉඩකඩක් ලැබෙන පරිදි නිර්මාණය කර තිබේ. මෝටර් රථ තාක්ෂණයන්ට නැවුම් අත්දැකීමක් ලබාදෙමින් මෝටර් රථය ඇතූලත ස්පර්ශක තිර තාක්ෂණය යොදාගෙන තිබෙන අතර ඇන්ඩ්‍රොයිඞ් සහ ඇපල් ස්මාර්ට් ජංගම දුරකතන ඒකාබද්ධ තාක්ෂණයද මෙම මෝටර් රථය තුළ ඇත. මීට අමතරව, ඉතාමත් ශක්තිමත් බඳකින් යුතු මෙම මෝටර් රථයේ ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ වන අතර වැඩි භාණ්ඩ ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය කිරීමේ හැකියාවද තිබේ.

     

    ‘මීට පෙර පිකැන්ටෝ මෝටර් රථය හැඳින්වූයේ පරිණතභාවයට පත්වු කුඩා මෝටර් රථයක් ලෙසයි. මෙම අර්ථ දැක්වීම මෙම නව මාදිලියේ සැලසුම, කාර්යසාධනය සහ හුරුබුහුටි බවින් තවත් ඉහළට ඔසවා තිබෙනවා’ යනුවෙන් Kia මෝටර්ස් (ලංකා) ලිමිටඞ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක, මහේන් තම්බයියා මහතා පැවසීය. ‘මෙමගින් ගෙවූ මුදලට වටිනාකම නැවතත් අර්ථ දක්වා තිබෙන අතර තරුණ බවින් පිරිපුන් ධාවන අත්දැකීමක් ලබාදෙනවා.’

     

    මෙම මෝටර් රථය පළමු වරට 2017 ජිනීවා මෝටර් රථ ප‍්‍රදර්ශනයේදී එළිදැක්වූ අතර මෙය නිර්මාණය කර තිබෙන්නේ සතුට ගෙනදෙන තේජාන්විත බවින් පිරිපුන් නව්‍ය නාගරික මෝටර් රථයක් ලෙසයි. ඉදිරි හා පිටුපස රෝද අතර පරතරය වැඩි කිරීම තුලින් ධාවනයේ ගුණාත්මකභාවය සහ මාර්ගයේදී ස්ථාවරභාවය වඩාත් ඉහළ ගොස් තිබේ. LED දර්ශක වලින් යුතු නව ඉදිරිපස ප‍්‍රධාන ලාම්පු, දිවා කාලයේ ධාවනයේදී යොදා ගන්නා LED විදුලි බුබුළු වලින් මෙම මෝටර් රථය සමන්විත වන අතර මෙයට පෙර හඳුන්වාදුන් පිකැන්ටෝ රථයට වඩා වැඩි පහසුකම් කීපයක් මෙම මෝටර් රථයේ අංඩගූ කර ඇත.

     

    ගැනුම්කරුවන්ට වර්ණ නවයකින් මෙම මෝටර් රථය තෝරාගත හැකි අතර නවතම වර්ණ ලෙස ‘Lime Light,’ ‘Shiny Red,’ ‘Aurora Black,’ ‘Pop Orange,’ ‘Sparkling Silver’ සහ ‘Celestial Blue’ දැක්විය හැක. මෙම මෝටර් රථය අඟල් 14 වානේ රෝද වලින් යුක්ත වුවත් අවශ්‍ය නම් අඟල් 14 සිට 16 දක්වා ප‍්‍රමාණයේ ඇලූමිනීයම් ඇලෝයි වීල් ගැනුම්කරුවන්ට තෝරාගත හැකිය.

     

    නව පිකැන්ටෝ මෝටර් රථය ලීටර් 1.0 ක වඩාත් කාර්යක්ෂමතාවයෙන් යුක්ත MPI එන්ජිමකින් බලගැන්වෙන අතර එන්ජිම 2016 පිකැන්ටෝ රථයේ එන්ජිමට වඩා දියුණු කර තිබීම කැපී පෙනේ. අදියර දෙකකින් සමන්විත නව ඔයිල් පොම්පය යාන්ත‍්‍රික දෝෂ අඩුකරමින් ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකට මග පාදයි.

     

    මීට අමතරව, නව ස්ටියරිං පද්ධතිය මඟින් පෙර පිකැන්ටෝ රථයට වඩා 13% කින් හැසිරවීමේ පහසුව වේගවත් කර තිබෙන අතර එමඟින් අඩු වේගයෙන් නගරය තුළ මෙම රථයට ධාවනය කිරීමට හැකියාව ලැබේ.

     

    මෙම නව මෝටර් රථයේ අභ්‍යන්තර පහසුකම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී කැපී පෙනෙන්නේ මෙම කාණ්ඩයේ තරඟකාරී අනිකුත් මෝටර් රථ වලට වඩා මෙම රථය තුළ පාද සඳහා වැඩි අවකාශයක් මෙන්ම හිස සහ මෝටර් රථයේ වහල අතර වඩා වැඩි ඉඩකඩක් තිබෙන බවයි. ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු අභ්‍යන්තර සැලසුමකින් සහ නවීන අමුද්‍රව්‍ය වලින් මෙම මෝටර් රථයේ අභ්‍යන්තරය නිර්මාණය කර තිබෙන අතර මෙහි ඩෑෂ් බෝඞ් සැලසුම අඟල් 7.0 ක ස්පර්ශක තිරයකින් ද සමන්විත වේ.

     

    මෙම නව මෝටර් රථයේ ඩිකියේ ඉඩකඩ ලීටර් 200 ක සිට ලීටර් 255 ක් දක්වා ඉහළ නංවා තිබෙන අතර පිටුපස ආසන සම්පූර්ණයෙන්ම නැමූ විට මෙම රථයේ ගෙන යා හැකි භාණ්ඩ ප‍්‍රමාණය ලීටර් 1,010 ක් දක්වා ඉහළ යයි.

     

    මෙම මෝටර් රථයේ ආරක්ෂාව වඩාත් වර්ධනය වන පරිදි මෙහි සැකිල්ලේ ශක්තිමත්භාවය 12% කින් වැඩිවන පරිදි ශක්තිය වැඩි AHSS වානේ වලින්  නිර්මාණය කර තිබේ. මීට අමතරව, පෙර මාදිලියට වඩා සැකිල්ල ශක්තිමත්වීම සඳහා යොදන ඇලෙන සුළු ද්‍රාවණ ප‍්‍රමාණය අටගුණයකින් වැඩිකර තිබේ. එයාර් බෑග් දෙකක් තිබෙන මෙම මෝටර් රථය ඇන්ටි ලොක් බ්රේක් (ABS) පද්ධතියකින්ද සමන්විත වේ.

     

    Kia මෝටර්ස් (ලංකා) සමාගම විසින් මෙම මෝටර් රථය සඳහා කිලෝමීටර 150,000 ක් හෝ අවුරුදු පහක කාල සීමාවක් යන විකල්ප දෙක අතුරින් මුලින් පැමිණෙන විකල්පය වෙනුවෙන් වගකීම ලබා දෙනු ඇත. මෙම රථයේ බදු ඇතුළු මිල ආරම්භ වන්නේ රුපියල් මිලියන 2.99 සිටයි.

     

    1996 වසරේ සිට Kia මෝටර්ස් (ලංකා) ලිමිටඞ් ශ‍්‍රී ලංකාව තුළ Kia සන්නාමය නියෝජනය කරයි.

     

    Kia-Picanto-2017

    2017 Kia Picanto රථය මාධ්‍යයට එළිදැක්වූ අවස්ථාවේදී ශි‍්‍ර ලංකාවේ එම මාදිලියේ ප‍්‍රථම රථය මිලයට ගත් රෝසී සේනානායක මහත්මියගේ දියණියට Kia මෝටර්ස් (ලංකා) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක, මහේන් තම්බයියා මහතා වාහනයේ යතුරු පිරිනැමූ අවස්ථාව

     

    Picanto-3

    Picanto---5

    Picanto-1