December, 29, 2015
නූතන අභ්‍යන්තර අලංකරණ විසඳුම් සම්ප්‍රදායය නැවුම් වෙනසකට ලක් කළ Koala සමාගම, පසුගියදා නිමාවට පත් වූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී (NBEA) මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඛාණ්ඩයේ විවිධාංගීකරණ ව්‍යාපාර අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම සම්මාන උළෙල සඳහා සහභාගී වූ පළමු අවස්ථාවේදී ම මෙලෙස සම්මානයට පාත්‍ර වීම තුළින්, සෑම විටම විශිෂ්ටත්වය වෙනුවෙන් Koala සමාගම දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු විය.
"පළමු වරට ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලට සහභාගී වෙමින් මෙලෙස සම්මානයට පාත්‍ර වීමට හැකි වීම පිළිබඳ ඉතාමත් සතුටු වනවා. පාරිභෝගික ජනතාවගේ විශ්වාසය සමගින් ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිට විවිධාංගීකරණය වූ සමාගමක් ලෙස අප ආ ගමන්මගේ සාර්ථකත්වය මෙමගින් ඇගයුමට ලක් වුණා." Koala සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තියාන් ඩෙප් මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) විසින් සංවිධානය කරනු ලබන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල, දිවයිනේ පිහිටි ව්‍යාපාරවල සමස්ත කාර්යසාධනය ඇගයුමට ලක් කරයි.
ප්‍රමිතිය සහ වෘත්තීයභාවය හේතුවෙන් කීර්තියට පත් මෙම සම්මාන උළෙල මගින්, මෙරට මහාපරිමාණ ව්‍යාපාරවල සිට ගතික සහ නව්‍යකරණ සුළු,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දක්වා සෑම අංශයක්ම නියෝජනය කරන සමාගම් ඇගයුමට ලක් කෙරේ.
ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන විනිශ්චය සඳහා ස්වාධීන විශේෂඥ විනිසුරුවරුන් රැසක් සහභාගීවන අතර, නායකත්ව විශිෂ්ටත්වය, ආයතනික පාලනය, ශක්‍යතා වර්ධනය, කාර්යසාධන කළමනාකරණය, දේශීය සහ විදේශීය වෙළඳපල එළඹුම, ආයතනික සමාජ වගකීම් හා පාරිසරික තිරසාර බව සහ ව්‍යාපාර මුල්‍ය දත්ත ආදී නිර්ණායක සලකා බලනු ලැබේ. ක්ෂේත්‍රයේ අනෙකුත් විශාල සමාගම් අභිබවමින් සිය ඛාණ්ඩයේ ප්‍රමුඛස්ථානයේ රැඳෙන්නට Koala සමාගම සමත් විය.
"අපගේ පාරිභෝගිකයන් හට සෑම විටම විශිෂ්ටත්වය ම ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත වඩාත් පහසු කිරීම අපගේ අරමුණයි. අප විසින් හඳුන්වාදෙන ලද නව ව්‍යාපාරික අංශ සඳහා පාරිභෝගික ජනතාවගෙන් විශාල ප්‍රතිචාර හිමි වී ඇති අතර, මෙම ගමන වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කිරීමට අප බලාපොරොත්තු වනවා." ඩෙප් මහතා ප්‍රකාශ කළේය.
මීට දශක දෙකකට පෙර අපනයනය සඳහා සෝෆා මාදිලි නිෂ්පාදකයෙකු ලෙස ක්ෂේත්‍රයට පිවිසි Koala සමාගම, වසරින් වසර ඉදිරියට ගමන් කරමින් නවීන ජීවන රටාවට ඔබින සංකල්ප, නිෂ්පාදන සහ විසඳුම් ලබා දෙන විවිධාංගීකරණය වූ සමාගමක් ලෙස වේගවත් වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව සිටී.
මෙරට ජනතාවගේ නවීන ජීවන රටාවට ගැළපෙන අවශ්‍යතාවන්ට අනුකූලවන ලෙස සේවා ලබා දීම සඳහා සිය සේවා ජාලය අංශ පහක් යටතේ ක්‍රියාත්මක කිරීමට Koala සමාගම කටයුතු කරයි. Koala අභ්‍යන්තර විසඳුම් (KIS) අංශය වාණිජ ගොඩනැගිලි සඳහා අභ්‍යන්තර විසඳුම් ලබා දෙන අතර, සැලසුම්කරණ සහ ඉදිකිරීම් අංශය විසින් නිවාස, දැව, මල නොබැඳෙන වානේ සහ මෙලනින් නිෂ්පාදන ඒකක සඳහා අවශ්‍ය විසඳුම් ලබා දෙයි. කොළඹ සහ මහනුවර පිහිටි ප්‍රදර්ශනාගාර තුළින් නවීන ජීවන රටාවට ඔබින අභ්‍යන්තර අලංකරණ තේමාවන් රැසක් පාරිභෝගිකයා වෙත හිමි කර දීමට Koala අලෙවි අංශය කටයුතු කරයි. ලොව කීර්තිමත් සන්නාම තුනක් සමගින් වීදුරු භාණ්ඩ සහ හැඳි ගෑරුප්පු කට්ටල විසඳුම් ලබා දෙන Koala කෑම මේස අංශය සහ සැලසුම්කරණ හා සිවිල් ඉංජිනේරු අංශය ද එම අංශ අතර කැපී පෙනෙයි. මීට අමතරව, KOALA 18/10 ලෙස නම් කර ඇති Koala සමාගම විසින්ම හඳුන්වාදෙන හැඳි ගෑරුප්පු කට්ටල ද පාරිභෝගිකයා වෙනුවෙන් අලෙවි කෙරේ.
"මෙම සම්මානය අපගේ ව්‍යාපාරික විශිෂ්ටත්වය මැනවින් පිළිබිඹු කරන බව අපගේ විශ්වාසයයි. හිස් භූමියක ගොඩනැගිල්ලක් ඉදි කර, එහි අභ්‍යන්තර අලංකරණ කටයුතු මෙන්ම, මුළුතැන්ගේ කට්ටල සවි කිරීම හා ඊට අවශ්‍ය ඕනෑම වීදුරු භාණ්ඩ හා හැඳි-ගෑරුප්පු විසඳුමක් ලබා දීමේ හැකියාව අප සතුයි. මෙම සම්මානය තුළින් ඇගයුමට ලක් වූයේ අප සතු එම අසමසම හැකියාවයි." ඩෙප් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එකම වහලක් යටතේ ගෘහභාණ්ඩ සහ මල නොබැඳෙන වානේ නිෂ්පාදන නිෂ්පාදනය හැකියාව තවදුරටත් පුළුල් කිරීමටත්, දැව සහ මෙලමයින් ගෘහභාණ්ඩ නිෂ්පාදනය තවදුරටත් ඒකාබද්ධ කිරීමටත් Koala සමාගම අපේක්ෂා කරයි.
අභ්‍යන්තර අලංකරණ ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ තුළ තමන් සතු විශේෂඥතාව ලබා දෙමින් සිවිල් ඉදිකිරීම් සහ අභ්‍යන්තර අලංකරණ විසඳුම් ක්ෂේත්‍රයට අදාළ සුවිශේෂී ව්‍යාපෘති රැසකට ද දායක වීම ද Koala සමාගමේ අරමුණයි.
Video Story