LB ෆිනෑන්ස් පිලිපීනයට

    December, 15, 2025

    LB Finance PLC සිය කලාපීය සේවා පුළුල් කිරීමේ නවතම පියවර සනිටුහන් කරමින් පිලිපීනයේ පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධිත සමාගමක් පිහිටුවීම සඳහා කටයුතු යොදා ඇත. මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිව හිමි වී ඇති බව සමාගම නිවේදනය කර සිටී.

    කොළඹ කොටස් වෙළඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් LB Finance සමාගම පවසන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් 2025 දෙසැම්බර් 11 වන දින LB Finance Philippines Inc නමින් අනුබද්ධිත සමාගමක් පිහිටුවීමට මෙලෙස අනුමැතිය ලබා දුන් බවයි.

    මෙම LB Finance Philippines Inc නම් නව සමාගම ඇමරිකානු ඩොලර් 650,000 ක මූලික ආයෝජනයකින් ස්ථාපිත කෙරෙන අතර ප්‍රධාන වශයෙන් පිලිපීනය තුළ සිය මූල්‍ය සේවා සැපයීම් සිදු කරනු ඇත.