LIOC මැලේසියාවේ හා ඉන්දුනීසියාවේ ලිහිසි තෙල් වෙළඳ පොළට

    August, 26, 2015

    ඉන්දීය තෙල් සමාගමේ මෙරට ව්‍යාපාරික ඒකකය වන ලංකා ඉන්දීය තෙල් සමාගම මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ ලිහිසි තෙල් (lubricants) වෙළඳ පොළට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටින බව එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා අනාවරණය කරයි.

    මේ පිළිබඳව සිය වාර්ෂික වාර්තාවෙන් කොටස්කරුවන් දැනුවත් කරමින් ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, සුබෝද් ඩක්වලේ (Subodh Dakwale) මහතා පවසා තිබෙන්නේ සමාගමේ වර්ධන සැලසුම් දේශීය වෙළඳ පොළ පමණක් ඉලක්ක කරගනිමින් පවතින ඒවා නොවන බවයි.

    ලංකා ඉන්දීය තෙල් සමාගමේ ලිහිසි තෙල් මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ අලෙවි කිරීම සඳහා නියෝජිත ජාලයක් ඉදිරියේදී පත්කිරීමට මේ අනුව ක්‍රියා කරනු ඇතිබව සඳහන්ය.

    මෙම අපනයන වෙළඳ පොළවල් තුළින් කෙටි කාලීනව ප්‍රතිලාභ ලබාගැනීමට අපහසු වුවත් ඒවායින් දිගුකාලීනව ප්‍රතිලාභ ලබාගත හැකියැයි කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසා තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates