February, 25, 2016
ආසියානු සංවර්ධන බැංකුව හා නෙදර්ලන්ත සංවර්ධන නියෝජිතායතනයක් වන FMO ඇතුළු ජාත්‍යන්තර ණය මූලාශ්‍ර තුනකින් ඇමරිකානු ඩොලර් මිලියන 247 ක ණය මුදලක් LOLC සමූහය වෙත ලැබී ඇත.
මෙහිදී LOLC හි අනුබද්ධ සමාගමක් වන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී වෙත FMO වෙතින් ඩොලර් මිලියන 153.1 ක් හිමිවේ. මෙය ඩොලර් මිලියන 39.2 ක ජ්‍යෙෂ්ඨ ණය මුදලකින් සහ තවත් ආයතන 11 ක් විසින් සලසනු ලබන ඩොලර් මිලියන 113.9 කින් සමන්විත වේ.
තවද මෙහිදී LOLC මයික්‍රො ක්‍රෙඩිට් ලිමිටඩ් වෙත ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඩොලර් මිලියන 35 ක ණයක් හිමිවේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් LOLC හි ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා කියා සිටියේ මැදපෙරදිග බැංකු විසින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතනයක් වෙත මූල්‍යාධාර සපයන ලද පළමු අවස්ථාව මෙය බවයි.
කපිල ජයවර්ධන මහතා මේ සම්බන්ධයෙන් පළ කළ අදහස් පහතින් නැරඹිය හැකිය.
https://www.youtube.com/watch?v=NCs4YIeUlbQ
Video Story